පාර්ලිමේන්තුව ඉදිරිපිට පිහිටුවා ඇති විද්යුත් තිරයේ පාර්ලිමේන්තු විවාද සජීවීව විකාශය කිරීම පැයකින් ප්රමාද කිරීමට සූදානම් වේ.
ඒ අනුව පාර්ලිමේන්තු විවාද අධීක්ෂණය කිරීමෙන් පසු උණුසුම් සහ නොගැළපෙන අවස්ථා කපාහැර සංස්කරණය කරන ලද දර්ශන එම විද්යුත් තිරයේ විකාශය කිරීමට නියමිතය.
තරුණ පාර්ලිමේන්තු මන්ත්රිවරුන් බහුතරයකගේ ඉල්ලීම මත මේ තීරණය ගැනීමට කතානායකවරයා සූදානම් වන බව අනාවරණය කරන විශ්වාස කටයුතු ආරංචි මාර්ග එය පාර්ලිමේන්තු වාද විවාද හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කිරීමේ ක්රමවේදයට සමාන වනු ඇතැයිද සඳහන් කර සිටී.
මැතිසබේ සජීවී විකාශයට කතුරක් එන ලකුණු
2013-12-29T08:18:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|Sri lanka news|