අන්තර්ජාලය හරහා හුවමාරු වන දත්ත මංකොල්ලකරුවන් විසින් වෙනත් මාර්ගයකට හරවා විශ්ලේෂණය කිරීමෙන් පසු නැවත අදාළ ඉලක්කය වෙත යොමු කිරීමේ ක‍්‍රමවේදය සාමාන්‍යයක් වෙමින් පවතින බව අන්තර්ජාල විශේෂඥයින් පිරිසක් අනතුරු හඟවා තිබේ.
නිව් හැම්ප්ෂයර්හි පිහිටා ඇති අන්තර්ජාල බුද්ධි අංශ ආයතනයක් වන රෙනසිස් සමාගම පවසා ඇත්තේ මෙවැනි සිදුවීම් 60කට නොඅඩු ගණනක් මේ වසර තුළ වාර්තා වූ බවයි.
මෙම තත්්වය නගර 150කට අධික සංඛ්‍යාවක අන්තර්ජාල භාවිතා කරන්නන්ට බලපෑ බව ඔවුන්ගේ අදහසයි. රෙනසිස් සමාගම පවසන්නේ මෙය අන්තර්ජාලයේ ක‍්‍රියාත්මක වන බෝඩර්-ගේට්වේ ප්‍රොටකෝලය තුළ ඇති දුර්වලතාවයක් ප‍්‍රකාශයට පත්කර ඇති බවයි.
අන්තර්ජාලයේ විවිධ කොටස් එ්කාබද්ධ කරනු ලබන්නේ මෙම ප්‍රොටකෝලය විසින් බව ප‍්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ පරිඝනක විද්‍යා මහාචාර්යවරියක වන ජෙනිෆර් රෙක්ස්ෆර්ඞ් වොෂින්ටන් පෝස්ට් පුවත්පත වෙත පවසා තිබේ.
මෙම විධික‍්‍රමය තුළදී විවිධ සේවා සපයන්නන් සිය ජාල අතර සම්බන්ධයක් ගොඩනගාගන්නා අතර එය හුදු විශ්වාසය මත පමණක් පදනම්ව තිබීම පරිඝනක මංකොල්ලකරුවන් විසින් යොදා ගන්නා බව රෙනසිස් සමාගමේ අදහසයි.
මෙම ප්‍රොටකෝලය තුළ තමන් දත්ත හුවමාරු කරන්නේ කවර පුද්ගලයෙකුටද යන්න නිවැරදි ලෙස තීරණය කළ නොහැකි බව පවසන රෙනසිස් එවැනි පැහැරගැනීම් කිහිපයක් බෙලාරුස් සහ අයර්ලන්තය පදනම් කරගත් මංකොල්ලකරුවන් සිදුකර ඇති බවට සාක්ෂි අනාවරණය කර තිබේ.