පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් මහ ජනතාවගෙන් ලැබෙන පැමිණිලිවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ස්කයිප් (Skype) තාක්‍ෂණය යොදා ගැනීමට පෞද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ.
අද පෙරවරුවේ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති කාර්ය මණ්ඩල රැස්වීමේදී කඩිනමින් මෙය ක‍්‍රියාවට නංවන ලෙසට පෞද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
පළාත් සභාවල මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරි සමග ඒකාබද්ධව මෙය ක‍්‍රියාවට නංවනු ඇත.
ඒ අනුව පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හා ඒවාට ලබා දෙන විසඳුම් ඒ මොහොතේ ම අමාත්‍යාංශයට ලබාගැනීම අරමුණ ය.
එමෙන් ම මගීන්ට ද ස්කයිප් (Skype) ඔස්සේ සිය පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.
ඊට අමතරව විද්‍යුත් ලිපි මගින් ද, පැමිණිලි ඉදිරිපත් කිරීමට මගීන්ට අවස්ථාව ලබාදීමට කටයුතු කෙරේ.