-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලාංකීය ගයක ගායිකා සංගමයේ නිල වෙබ් අඩවිය (srilankasingers.com) එලි දැක්වීම පසුගිය 19 වනදා නුගේගොඩ සංහිඳ හෝටල් පරිශ්‍රයේදී සිදුවුනි.
ගායක ගායිකාවන්ගේ තොරතුරු ඇතුලත් කරමින් මෙම වෙබ් අඩවිය නිර්මාණයකොට තිබුනේ ලංකාබෙල් ආයතනයේ තොරතුරු හා තාක්ෂණ සාමන්‍යය අධිකාරි අජන්ත පීරිස් මහතා විසිනි.

එයට සනත් නන්දසිරි, වික්ටර් රත්නායක ඇතුළු බොහෝ කලාකරුවන් පිරිසක් සහභාගී වී තිබුන අතර එම උත්සවයේදී බොහෝ සෙයින් කතාබහට ලක්වුයේ ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා පැකේජ වලට ගීත වාදනය කිරීමේ ව්‍යවසනය සම්බන්ධයෙනි.

එහිදී එයට සහභාගී වූ එක් මාධ්‍යයවේදියෙකු නැගී සිටිමින් පවසා තිබුනේ "රින්ගින්ටෝන් මාෆියාව ගැන මම මාධ්‍යයෙන් කතා කලාම ඒ රිඟින් ටෝන් ආයතන වලින් මට මරණ තර්ජනත් ආව.." යනුවෙනි.

එයට පිළිතුරු වශයෙන් එම උත්සවයට සහභාගී වූ මධු මාධව අරවින්ද ප්‍රකාශ කොට තිබුනේ "නීතියක් නැති රටක මෙවන් සිදුවීම් සාමන්‍යය දේවල්" බවය.

රජය විසින් ගැසට් කර ඇති ආකාරයට ගුවන් විදුලි නාලිකා වලින් රුපියල් 10 ක් පද රචකයාට, ගායකයාට, සංගීත අධ්‍යක්ෂකවරයාට ගෙවිය යුතු වන අතර රූපවාහිනී නාලිකා වලින් රුපියල් 20ක් ගෙවිය යුතුය.

අදවනවිට ගුවන් විදුලි නාලිකා 41 කට අධික ප්‍රමාණයක් ලංකාවේ විකාශන කටයුතු සිදුකරන අතර එයින් කතෘ භාගය නිසිලෙස ගෙවන්නේ ගුවන්විදුලි නාලිකා ස්වල්ප ප්‍රමාණයකි.

ගැසට් නිවේදනයට අනුව එසේ කතෘ භාගය ගෙවන්නේ නැත්නම් ගුවන් විදුලි නාලිකාවේ බලපත්‍රය පවා අහෝසි කල හැක.

එම සංගමයේ මාධ්‍යය සම්බන්ධීකාරක ගායක ප්‍රියනාත් රත්නායක එහිදී පවසා සිටියේ පැකේජ් ක්‍රමය මගින් ගායකයන් සූරාකෑමක් සිදුවන බවත් ප්‍රවීනයන්ගේ ගීත වාදනය සිදුවීමක් නොවන බවත්ය.

එයට එරෙහිව අනාගතයේ ගිනිතබා ගැනීමට සැරසුනහොත් පුදුමයට පත්නොවන්නැයි ඔහු කතාව කරමින් වැඩිදුරටත් පවසා තිබුණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos