-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සමයේදී බලාපොරොත්තු වූ තරම් සංචාරකයින් ප්‍රමාණයක් කොළඹ නගරයේ හෝටල් වලට නොපැමිණි බව කොළඹ නගරයේ හෝටල් සංගමයේ සභාපති එම්. ශාන්ති කුමාර් මහතා පවසයි.
2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ඉලක්ක කර ගනිමින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයසිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ඇතුළු තවත් හෝටල් විශාල වියදමක් දරා සිය පහසුකම් වර්ධනය කරගෙන තිබේ.
මේ අනුවනොවැම්බර් 15 සහ 16 දෙදිනේ මෙම හෝටල්වල සාමාන්‍යයෙන් නවාතැන් ගත් ප්‍රමාණය 55%ක්වී තිබෙන අතර නොවැම්බර් 10 සිට 13 දක්වා නවාතැන් ගත් සාමාන්‍ය ප්‍රමාණය 30%ක්ද නොවැම්බර් 13 සිට 14 දක්වා නවාතැන් සාමාන්‍ය ප්‍රමාණය 40%ක්ද වී ඇත.
ශාන්ති කුමාර් මහතා පවසා තිබෙන්නේ මෙම ප්‍රමාණය බලාපොරොත්තු වූවාට වඩා විශාල අඩුවීමක් බවයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සමයේදී අඩුම වශයෙන් කොළඹ නගරයේ හෝටල් කාමර 4000ක් පමණ පිරී යනු ඇතැයි විශ්වාස කළත් පිරී ගියේ හෝටල් කාමර 2100ත් පමණ ප්‍රමාණයක් බවත් පැවසේ.
හෝටල් කර්මාන්ත කරුවන්ගේ අදහස වී තිබෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව නොතිබුණා නම් මෙම කාලයේදී කොළඹ නගරයේ හෝටල් වලින් 75% ත් 80% ත් අතර ප්‍රමාණයක් පිරී යනු ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos