කොළඹදී ආරම්භ වන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය විසින් චීනයේ Liuyang fuxiang fireworks group සමාගමෙන් ඩොලර් 133,500ක් වටිනා මල්වෙඩි තොගයක් ආනයනය කර ඇති බව රාවය පුවත්පත වාර්තා කරවි.
නොවැම්බර් 05වැනිදා ඔරුගොඩවත්ත ආර්.සීටී. රේගු ගුදමෙන් මෙම මල්වෙඩි තොගය 144215 රේගු සටහන් යටතේ නිදහස් කරගෙන ඇතැයිද පවසන එම වාර්තාව කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය විසින් ඒ සඳහා තීරු බදු වශයෙන් රුපියල් 7,876,000ක්ද රේගුවට ගෙවනු ලැබ ඇතැයිද කියයි.
ඒ අනුව ආනයන කළ මේ මල්වෙඩි තොගය සඳහා තීරු බදුද එකතු වූ විට අමාත්‍යංශය වැය කර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 240ක් පමණ වේ.