බීමත්ව අශෝබන අන්දමට හැසිරුණු බවට සැකකොට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවූ චීවරධාරියෙකුහට මාතලේ අතිරේක දිසා විනිසුරු/මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා රුපියල් 3500/= ක දඩයක් නියම කළේය . සැකකාර චීවරධාරියා ගුරුබැබිල ප්‍රදේශයේ විහාරස්ථානයක නේවාසිකව සිටිමින් බීමත්ව සිටියදී රත්තොට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවූ අවස්ථාවේදි මෙම නියෝගය කෙරුණි.
ගම්වාසින්ගෙන් ලැබුණු තොරතුරක් අනුව රත්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිරබණ්ඩාර මහතාගේ උපදෙස් මත සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබේ.