-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තර්ජනය කැර පෙම්වතිය විවිධඉරියව් ඡායාරූපයට නගලා                                                                                        

තම පළමු පෙම්වතිය ඉංගිරියේ නවාතැන්පොළකට ගෙන ගොස් ඇගේ විවිධ ඉරියව් ඡායාරූපයට නැගී යැයි කියන ‘පෙම්වතකු’ ඉංගිරිය පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. 

 
පෙම්වතිය පොලිසියට කළ පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උදයකුමාර මහතා කීවේය. 


  සැකකරු සිය පළමු පෙම්වතියගේ විවිධ ඉරියව් ජංගම දුරකතනයෙන් ඡායාරූප වලට නගා ඇත. සැකකරු මේ ඡායාරූප ඇගේ ඥාතීන්ට සහ මිතුරන්ට පෙන්වන බවට පෙම්වතියට තර්ජනය කැර ඇය නැවත වරදට පොළඹවා ගැනීමට තැත් කොට ඇතැයි කියන පොලිසිය මෙය අසා කලබලයට පත් පෙම්වතිය ඒ පිළිබඳව ඉංගිරිය පොලිසියට පැමිණිළි කළ බව පොලිස් පරීක්‍ෂක උදයකුමාර මහතා සඳහන් කෙළේය. 
ඉංගිරිය පොලිසියේ ළමා සහ කාන්තා ඒකකයේ ස්ථානාධිපතිනි ශිරානි දමයන්ති මහත්මිය පරීක්‍ෂණ පැවැත්වූවාය. 
  
පෙම්වතිය විවාහක බව ද ඇයට වයස අවුරුදු 14 ක දියණියක් සිටින බව ද එහිදී හෙළි විය. ඇගේ සැමියා මිය ගොසිනි. දිනක මහ මගදී හමුවූ පළමු පෙම්වතා සමග කතා බහ කිරීමෙන් පසු දෙදෙනා අතර නැවත ප්‍රේමයක් ගොඩ නැගුනු බවද පසුව පෙම්වතා සමග නොයෙක් තැන්වල ගොස් රිසිසේ විනෝද වූ බව ද පෙම්වතිය පොලිසියේ දී කීවාය. පෙම්වතා දෙදරු පියෙක් බව පොලිසියේ දී හෙළි විය. සැකකරුට තරයේ අවවාද කළ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු අධිකරණයට ඉදිරිපත් කෙළේ ය. 
සැකකරු ඇප මත මුදා හැරිනි. ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week