-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සියල්ල මුදල් මත තීරණය වන සමාජ වටපිටාවක මුළු මහත් ශ්‍රී ලාංකීය සමාජයටම ආඩම්බර විය හැකි ලෝකයටම ආදර්ශයක් ලබා දුන් තරුණ යුවලක් අපට හමුවූයේ දඹුල්ල නගර මධ්‍යයේ ඔවුන්ගේ ව්‍යාපාරය කරගෙන යන අතරතුරය.දඹුල්ල නගර මධ්‍යයේ ඇති ව්‍යාපාර ආයතනයක අධිපති ආර්.ඩී.කේ උදයකුමාරත් ඔහුගේ බිරිඳ නිලන්ගි චානකී යාපා මේ තරුණ යුවලයි.දිනය හරියටම ඉකුත් සැප්තැම්බර් මස 10 වෙනිදායි. වේලාව ප.ව. 6.10 පමණ ඇත. වෙළෙඳ ආයතනයේ කවුන්ටරය අසල සිටියේ නිලන්ගි චානකී යාපාය. දඹුල්‍ලේ සිට මහනුවර, කුරුණෑගල, කොළඹ ආදී දුර බැහැර නගරවලට යාමට තිබෙන ප්‍රධාන බස් නැවතුම්පළ අසල පිහිටි ඔවුන්ගේ වෙළෙඳසලට දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද පැමිණෙමින් සිටි කාර්යබහුල වෙලාවකි. 


එම සිද්ධිය පිළිබඳව මතකය අවදි කළ චානකී මෙසේ කීවාය.
“විදේශිකයෙකු තම ගමන් මල්ලද කරේ දමා ගෙන කඩේට ආවා. කලිසම් සාක්කුවකින් මුදල් පසුම්බිය එළියට ගත් විදේශිකයා ලොකු බිම බෝතලයක් හා වතුර බෝතලයක් මිලදී ගෙන යන්න ගියා. ටික වෙලාවකට පස්සෙ මා දුටුවා කවුන්ටරය මත මුදල් පසුම්බියක් තිබෙන බව, ඒ වන විට කඩේ සේවකයන් පස් හය දෙනකු සිටියා. ඔවුන්ගෙන් විමසුවා මුදල් පසුම්බිය පිළිබඳව. කාර්යබහුල නිසා ඔවුන්ටද මතක තිබුණේ නෑ. කිසිවකු හෝ පැමිණ ඒ පිළිබඳව සොයා බලනු ඇතැයි සිතා මුදල් පසුම්බිය විනාඩි 20ක් විතර කවුන්ටරය උඩ තිබ්බා. 
මට මතක හැටියට ආපු විදේශිකයා කවුන්ටරය උඩ තබා තිබෙන කාසි අඩංගු භාජනය පිළිබඳව විමසුවා. මා දන්න ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාවේ දැනට භාවිතා කරන කාසි වර්ග පිළිබඳව හැඳින්වීමක් කළා. එවිට විදේශිකයා බිම හා ජලය මිලදී ගෙන අත ඉතිරිය ලෙස ලබා දුන් රුපියල් විස්සේ කොලයට කාසි දෙන ලෙස ඉල්ලීමක් කළා. ශ්‍රී ලංකාවට පැමිණ මතක සටහනක් ලෙස මෙම කාසි තම රටට රැගෙන යන බව පැවසුවා. මේ මුදල් පසුම්බිය එම කාසිත් රැගෙන ගිය විදේශිකයාගේ මුදල් පසුම්බිය වන්නට ඇතැයි මට සිතුනා. මම මුදල් පසුම්බිය ටික වේලාවකින් විවෘත කළා. ඩොලර් නෝට්ටු ශ්‍රී ලංකා නෝට්ටු සහ රියැදුරු හැඳුනුම් පත තිබුණා. වීසා කාඩ්පත් තුනක් තිබුණා. මම ඒ සැණින් උදය කුමාරට කෝල් කරලා කීවා. ඔහු උපදෙස් දුන්නා කඩේ ගෝලයින් කීප දෙනකු නගරයට යවා විදේශිකයා සිටිනවාද යන්න සොයා බලන ලෙස. ඔවුන් ගිහිං බස් නැවතුම්පළවල් සියල්‍ලේම සොයා බැලුවත් සිටියේ නැහැ.


වෙළෙඳස‍ලේ රාත්‍රි 8.00 විතර වසා දමා මමත් සැමියත්, සැමියාගේ මල්ලිත් සමග එක්ව යළි මුදල් පසුම්බිය විවෘත කරලා හොඳට පරීක්ෂා කළා. එහි තිබූ ‍ලේඛන අනුව මෙක්සිකෝ ජාතික ෆීලික්ස් ජුරෝ බවට හඳුනාගත්තා. පසුම්බියේ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ඩොලර් සහ රුපියල් තිබුණා. ඊට පසුව වෙළෙඳස‍ලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කළා. එහිදී අපි සියලු දෙනාම තහවුරු කරගත්තා මුදල් පසුම්බියේ සැබෑ හිමිකරු මෙක්සිකෝ ජාතික ෆිිලිික්ස් ජුරෝ බව. 


රාත්‍රි නින්දටම ගිය අපි දෙන්නා පසුදා උදෑසන මේ පිළිබඳව වැඩිදුරටත් කරන දේ පිළිබඳව සාකච්ඡා කළා. මම උදයට කිව්වා මුදල්  පසුම්බියේ අයිතිකරු කොහොම හරි සොයලා දෙමු කියලා. එවිට උදය කිව්වා ඔක්කොටම කලින් පසුම්බියේ තිබූ දෑවල සැබෑ වටිනාකමක් තිබේදැයි සොයා බලමු කියලා.
උදෑසන අවදි වූ උදය කුමාර පුද්ගලික බැංකු ශාඛාවක කළමනාකරුවකු හමුවී මුදල් පසුම්බියේ ඇති වීසා කාඩ්පත් හා ඩොලර් නෝට්ටු පිළිබඳව විමසා බැලීය. 


“මෙම වීසා කාඩ්පත්වලින් සීමාවකින් තොරව භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. අවශ්‍ය නම් රුපියල් කෝටියක් වටිනා රත්තරන් වුණත් මිලදී ගන්න පුළුවන් කියලා කළමනාකාරතුමා කීවා. ඩොලර් කොළවල වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වෙනවා. කීවා. මෙම වීසා කාඩ්පත් කිසිවෙකුට හෝ නොදෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළා. ඒ අනුව මම බිරිඳට හා මල්ලිට සියලු විස්තර කියලා අදාළ විදේශිකයා සෙවීමට කටයුතු කළා.” උදය කුමාර සිය හඬ එසේ අවදි කළේය. 


වෙළෙඳස‍ලේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය යළි පිරික්සා වෙළෙඳ සේවකයන්ට යළි පෙන්වා විදේශිකයා හොඳින් හඳුනාගත්තා. උපදෙස් දුන් උදය කුමාර දඹුල්ල හා සීගිරිය සංචාරක හෝටල්වල දුරකථන අංක සොයා මෙක්සිකෝ ජාතිකයා පිළිබඳව තොරතුරු විමසා බැලීමක් කර ඇත. ඒ අතරතුර වෙළෙඳ සේවකයන් දඹුල්ල හා සීගිරිය නගරයන්හි සංචාරය කරන විදේශිකයන් අතරින් විදේශිකයා හඳුනා ගැනීමටද උත්සාහ කර ඇත. 


පසුදින දහවල් වෙළෙඳසල් සේවකයෙකු වන සරත් යා‍ලේගම දැක ඇත්තේ පෙර දින වෙළෙඳසලට 
පැමිණි විදේශිකයාගේ රුවට සමාන එහෙත් පෙර දින මෙන් නොව හිසකෙස් අවුල්ව මුහුණ පුරා රැවුල වවාගත් විදේශිකයෙකි. යළි යළිත් ඔහු පිළිබඳ අවධානය යොමු කළ සරත් පෙරදා දුටු ප්‍රියමනාප විදේශිකයා නොවුණත් ඔහු ළඟට ගොස් “Come please”” යනුවෙන් ආමන්ත්‍රණය කර වෙළෙඳ සල කරා ඔහුව කැඳවා ගෙන ගොස් ඇත. 


උදය කුමාර විදේශිකයා පිළිගෙන යළිත් ආරක්ෂක කැමරා පද්ධතියේ ඇතුළත් දර්ශන ප්‍රදර්ශනය කර ඇත. දර්ශනවල ඔහුගේ මුදල් පසුම්බිය තිබෙන බව දුටු විගසම කෑ ගසමින් තම හිස කවුන්ටරයේ කීප විටක් ගසා ගෙන ඇත. ඒ ඔහුගේ සතුට වැඩි කමටය. 


“ඔහු මාව බඳාගෙන සිප වැළඳගත්තා. බිරිඳටත් අතට අත දී ආචාර කර ඉSri Lankan people are very good Exelent very good යනුවෙන් පවසා තම මුදල් පසුම්බිය අතට ගෙන එහි තිබූ ඩොලර් නෝට්ටු සියල්ලම මා අත තැබුවා. මා එය “No Thanks” යනුවෙන් පවසා යළි ඔහුටම දුන්නා. ඔහුට යෝගට් එකකුත් කන්න දුන්නා. ඔහු 


වෙළෙඳසලෙන් ඉවත්ව යාමට පෙර ඔහුගේ රටේ සමරු කාසියක් සිහිවටනයක් ලෙස මට දුන්නා. ඔහු ගුවන්තොටුපළට ගොස් මගේ ජංගම දුරකථනයට ඇමතුම් ගෙන යළි යළිත් ස්තූති කළා. මේ වන විට අවස්ථා ගණනාවකදී කෙටි පණිවුඩ හරහා ස්තූති කරමින් ඒ රටවල තම මිතුරන්ට මේ සිද්ධිය විස්තර කරනව” යනුවෙන් උදය කුමාර පැවැසීය. 


‍පොළොන්නරුව, ඕනෑගම නම් වූ ගොවි ගම්මානයේ පදිංචි ආර්.බි. කපිලරත්නට හා එම්. ඒ කුසුමාවතී යන දෙපළට දාව උපන් පිරිමි දරු තිදෙනාගෙන් වැඩිමලා අපේ කතානායක ආර්.ඩී. උදය කුමාර ඕනෑගම කනිෂ්ඨ 
විදුහලෙන් සිය අධ්‍යාපනය ආරම්භ කර ‍පොළොන්නරුව රාජකීය කනිෂ්ඨ විද්‍යාලයෙන්  අ.‍පො.ස.(සා.පෙළ) දක්වා අධ්‍යාපනය හැදෑරූ උදය කුමාරට ගොවිතැනින් තම පවුල නඩත්තු කළ පියාට හිසට බරක් නොදී බාල සොහොයුරන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලටද උපකාරයක් වනු පිණිස ගමේ පන්ස‍ලේ එවකට වැඩ විසූ දඹුල්‍ලේ ශ්‍රී ඉන්ද්‍රරතන හිමියන්ගේ මග පෙන්වීම ඔස්සේ දඹුල්ල ඉබ්බන්කටුව මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවයට එක්වන්නේය. 


පසුකාලීනව තම පියාට ලොතරැයි දිනුම් පතකින් ලද රුපියල් දහ දහසක් උපයෝගී කරගෙන විසිතුරු මත්ස්‍යන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට රැගෙන ගොස් තම රැකියාවට අමතරව ආදායම් මාර්ගයක් සකසා ගත්තේය. වසර දෙක තුනක එම ව්‍යාපාරය ලාභදායී වීමෙන් පසු අප කතා නායකයා නගරයේ කුඩාවට මිරිදිය මත්ස්‍ය අලෙවි සලක් ආරම්භ කර ඇත. ඒ සමග උදය කුමාර කුකුල් ආහාර අලෙවි කිරීමට සැලසුම් කරන්නේ තම පියාගේ කුඹුරක් රුපියල් දහ දහසකට උකස් කිරීමෙන් ලබාගත් මුදලිනි. 


මෙසේ ජීවිතය ගොඩ නගා ගැනීමට දිරිය ගමනකින් පැමිණි ඔහු අද වන විට දඹුල්ල නගරයේ ප්‍රධාන පෙළේ කුකුල් ආහාර සහ මස් අලෙවි කිරීමේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකි. ඊට අමතරව යතුරුපැදි අලෙවි සලක්ද මැණික් ගල් මිලදී ගැනීමේ කටයුතුවලද ඔහු නිරතව සිටියි. 


මේ සැම කටයුත්තක් පිටුපස සිට ඔහුට දිරි දෙන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ නිලන්ගි චානකීය. ඇය දඹුල්ල ජලාශ පාරේ පදිංචිකාරිනියකි. ඇගේ පියා කමල් ජයන්ත යාපාය, මව ඉන්ද්‍රානි රූපවතීය. දරු දෙදෙනෙකුගෙන් යුත් පවුලක කනිෂ්ඨයා නිලන්තිය. දඹුල්ල ජාතික පාසලෙන් ද්විතියික අධ්‍යාපනය හදාරා අ.‍පො.ස. (උ.පෙළ) සමත්ව ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසර සිසුවියකි. 

තමාත් තම සැමියාත් එක්ව ව්‍යාපාරික කටයුතු කරන අතරතුර විදේශිකයාගේ මුදල් පසුම්බිය යළි ඔහුට ලබාදීමත් සමග තම සැමියාට ලැබි ඇති පිළිගැනීම උසස් කටයුත්තක් බව ඇය ප්‍රකාශ කරනුයේ දැඩි නිහතමානී හැඟීමකිනි. 


තම උපන් ප්‍රදේශයේ මැද මළුව විහාරස්ථානයේ පැවැති ධාතු තැන්පත් කිරීමේ උත්සවයකට ආරාධනය කර තමා ඇගයීමට විහාරධිපති හිමියන් කටයුතු කළ බවත්, පසුව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් තමා සහ තම බිරිඳ කැඳවා ප්‍රශංසාවකට ලක් කළ බවත්, තම ජීවිතයේ ලබන ලද උතුම්ම අවස්ථාව මහානායක හිමියන්ගෙන් ලද ප්‍රශංසාව බවත් උදය කුමාර පවසයි.
මගතොටේදී මෙන්ම 
වෙළෙඳසලටද පැමිණ බොහෝ පිරිස් තම ක්‍රියාව අගේ කොට ප්‍රශංසා කරන බවත්, ඒ අතරින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා විද්වතුන්, ශිෂ්‍යයන්, ගොවියන් කම්කරුවන් විශාල පිරිසක් වන බවත්, බොහෝ විදේශීය සංචාරකයන්ද තම 


වෙළෙඳසල හඳුනාගෙන තමන්ට ස්තූතිය පළ කරන බවද උදය කුමාර ප්‍රකාශ කරයි.
දඹුල්ල නගරයෙන් බොහෝ දුර බැහැර පිහිටි වෑවල වැව විද්‍යාලයේ විදුහල්පති විසින් සිසුන් හා දෙමාපියන්ද සහය කරගෙන උපහාර උත්සවයක් සංවිධානය කර තම ආදර්ශමත් ක්‍රියාව අනාගත දරු පරපුරට කියාදීමට කටයුතු කළ බවත්, එම අවස්ථාවට වැඩම කළ නාලන්දේ ජිනාරාම හිමියන් තම ක්‍රියාව මහා සාංඝික දානයකට වඩා උතුම් ආනිසංස ක්‍රියාවක් බව පෙන්වා දුන් බව සිහිපත් කරන උදය කුමාර කුඩා කාලයේ සිට තමාට ගුරු හරු කම් හොඳ නරක කියාදුන් දෙමව්පියන් දෙදෙනාගේත්, ගුරුවරුන්ගේත් මග පෙන්වීමෙන් ලැබුණේ යහපතක්ම බව සිහිපත් කරයි. 
දුක් වින්දත් අනුන්ගේ දේවල් නොගන්නා ලෙස තම පියා කුඩා කාලයේ සිටම උපදෙස් දුන් බව උදය කුමාර සිහිපත් කරයි. 



“උපදින අපිට සමාජයෙන් බොහෝ දේවල් ලැබෙනවා. සමාජයට අපිට කළ හැකි දේ අපි සමාජයට ලබා දෙන්න ඕන. අද පාසල්වලින් අදක්ෂයින් ලෙස විශාල සිසුන් පිරිසක් කොන්වෙමින් පවතිනවා. එම දරුවන් සමාජයට වැඩදායක දරුවන් ලෙස සමාජගත කරන්න ඕනෑ. මෙම සත් ක්‍රියාව සඳහා බොහෝ විද්වතුන්ගෙන් හා බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් මට ආරාධනා ලැබි තියෙනවා. එවන් වූ පරිත්‍යාගශීලී සමාජ මෙහෙවරකට අත තබන්න  මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනවා” යනුවෙන් උදය කුමාර පැවසුවේ සමාජ වගකීම මෙම නිර්මාණශීලී අවංක ව්‍යාපාරිකයා හඳුනාගෙන ඇති නිසාවෙනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week