ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්විඳීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි විදේශිකයෙකු දියේ ගිලී මිය ගිය සිද්ධියක් හික්කඩුව ප්‍රදේශයෙන් වාර්තා විය.
එසේ දියේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ, හික්කඩුව, තිරාණගම වෙරළ තීරයේ දිය නෑම සඳහා ගිය විදේශිකයෙකි.
පොලිසිය පැවසුවේ, 65 හැවිරිදි අදාළ විදේශිකයා බ්‍රිතාන්‍ය වැසියෙකු වන බව ය.
ඊයේ පස්වරුවේ එම පුද්ගලයා තවත් සිව් දෙනෙකු සමග තිරාණගම වෙරළ තීරයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔහු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබිණි.