-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රාජපක්‍ෂවරු මේ රටට කර ඇති සේවය අනුව නාමල් රාජපක්‍ෂ මහතා රටේ මීළඟ නායකයා වීම නොවැළැක්‌විය හැකි බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ෆුයිසාල් රශින් මහතා ප්‍රකාශ කළේය.

තානාපතිවරයා මේ බව සඳහන් කළේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව ඊයේ (03 වැනිදා) හම්බන්තොට ප්‍රදේශයේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා මැහුම් පුහුණු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කිරීමේ උත්සව අවස්‌ථාවට සහභාගි වෙමිනි.
කථානයක රාජපක්‍ෂ මහතාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ෆුයිසාල් රශින් මහතා අද කොළඹට වඩා මවිත කෙරෙන සුලු සංවර්ධනයක්‌ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සිදුව තිබෙන බවද සඳහන් කළේය.

ලොව බලවත් රටවල් ත්‍රස්‌තවාදයෙන් බැටකද්දී මේ බිම ත්‍රස්‌තවාදයෙන් බේරා ගැනීමට සමත් වූ එකම නායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගෞරවයට පාත්‍ර වී සිටින බවද මෙහිදී කී තානාපතිවරයා එනිසාම අද දවසේ බොහෝ රටවල් එතුමා ආසියාවේ සිංහයා ( Lion of Asia‌) ලෙස හඳුන්වන බවත් එය මුළු රටටම ඉමහත් ගෞරවයක්‌ බවත් පෙන්වා දුන්නේය.

එහෙයින් රාජපක්‍ෂවරු ආරක්‍ෂා කර ගැනීම සඳහා පක්‍ෂ, ජාති, කුල බේදයකින් තොරව රටේ සියලුම දෙනා එකමුතු විය යුතු බවද වැඩිදුරටත් මෙම උත්සවය අමතමින් සඳහන් කළ ෆුයිසාල් රශින් මහතා එය සියලු දෙනාගේ යුතුකමක්‌ බවද පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week