-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තංගල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් මරා දැමීම සම්බන්ධ නඩුවේ පළමු සැකකරුවන් 6 දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති නිසා, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එම හය දෙනා සම්බන්ධ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ වැඩ බලන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද  (01) නියෝග කළේය.

මෙම නඩුවේ 7 හා 8 යන සැකකරුවන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නොවැම්බර් 22 දින පෙනී සිටින ලෙසටද නියෝග කෙරුණි.

ජාත්‍යන්තර රතුකුරුස සමාජයේ ගාසා තීරයේ සහන සේවකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් මහතා මරා දැමීම හා ඔහුගේ පෙම්වතිය වූ වි‍ක්ටෝරියා මහත්මිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප ඇතුළු හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුනි.

ලහිරු කැකුළු, ප්‍රනීත් චතුරංග, සමන් දේශප්‍රිය, එම්. සරත්, නුවන් චින්තක, එදිරිසූරිය පටබැදි නදීර යන පිරිස විත්තිකරුවන් වෙති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos