-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ වාෂ්ප නළයේ පසුගියදා (29දා) සිදුවූ හදිසි පිපුරුමට හේතුව එම නළයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ අධීක්‍ෂණයේ නියුතු නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයකු රාජකාරියේ නිරතවිය යුතු වේලාවේදී රූපවාහිනී නැරැඹීම හා අනෙක් තැනැත්තා පරිගණක ක්‍රීඩාවන්හි නියැළීම බව අනාවරණය වේ. මේ සිදුවීම සම්බන්ධයෙන් නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු සඳහා දායකත්වය සපයන චීන ඉන්ජිනේරුවන්ද අප්‍රසාදය පළ කර තිබේ.

වාර්ෂික නඩත්තු කටයුතු අවසන් වීමෙන් පසුව ආරම්භ කළ නොරොච්චෝලේ බලාගාරය නැවැතත් ක්‍රියාත්මක කර සති කීපයක් ගතවීමේදී මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ බලාගාරයේ උපරිම විදුලිය උත්පාදන ධාරිතාව වන මෙගාවොට් 300 දක්වා ක්‍රියාකාරිත්වයක් සිදුවන මොහොතකදීය.

බලාගාරයේ ජල උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ඇති මෙම නළයේ ජල උෂ්ණත්වය අවමව තබා ගැනීම අදාළ නිලධාරීන් දෙදෙනාගේ වගකීම වී තිබේ. නමුත් රාජකාරියේ නියැළිය යුතු මොහොතේ ඔවුන් වෙනත් ක්‍රියාවන්හි නිරත වීමෙන් උද්ගත වූ තත්ත්වය හේතුවෙන් ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමටද සිදුවී ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලය, විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ නොරොච්චෝලේ අදියර 2, 3 ඉදිකිරීමට පෙර පළමු අදියර නිසි ලෙස නඩත්තු කළ යුතු බවය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos