සිප වැළඳ ගන්නා ආකාරයේ ඡායාරූපයක් ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ පළ කිරීම සම්බන්ධයෙන් මොරොක්කෝවේ පාසල් සිසුවෙකු සහ සිසුවියක අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ, ඔවුන් දෙදෙනා පාසල අසලදී සිප ගන්නා අවස්ථාව ඔවුන්ගේ මිතුරෙකු විසින් ඡායාරූපගත කර ෆේබුක් වෙබ් අඩවිය ඔස්සේ, පළ කර ඇති බව ය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ගැහුනු ළමයාගේ වයස අවුරුදු 14 ක් වන අතර පිරිමි ළමයා වයස අවුරුදු 15කි.
අදාළ සිදුවීම ඡායාරූපය ද සහිතව මොරොක්කෝවේ පුවත්පතක් විසින් පළ කරනු ලැබීමෙන් පසු රටේ සදාචාරයට හානි කිරීමේ චෝදනා මත ඔවුන් දෙදෙනා අත්අඩුගුවට ගෙන තිබේ.
අදාළ ළමුන් දෙදෙනා ලබන සතියේ ළමුන් පිළිබඳ වූ අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිත ය.