විනෝදාස්වාදය මෙන්ම සූදු හෝ ඔට්ටු ඇල්ලීමේ පහසුකම්වලින්ද සමන්විත සුඛෝපභෝගී හෝටල් සංකීර්ණ දෙකක් කොළඹ කොම්පඤ්ඤවීදියේ සහ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකිරීමට අදාළ ගැසට් පත්‍ර දෙක ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (08දා) ඉදිරිපත් කෙළේය.
කොළඹ කොම්පඤ්ඤවීදියේ ග්ලේනි වීදියේ සහ විනිසුරු අක්බාර් මාවතේ පිහිටි නිරවුල් බදු ඉඩමේ සුප්‍රසිද්ධියේ ප්‍රතිමූර්තියක් බඳු සියලු අංගෝපාංගයන්ගෙන් සපිරි විස්තීර්ණ නිකේතනයක් අදියර දෙකකින් ඉදිකිරීමත්, කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ කාමර 400කින් සමන්විත සුඛෝපභෝගී හෝටලයක්ද, සම්මේලන මධ්‍යස්ථානයක්ද, සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම්වලින්ද අලංකාර භෝජන ශාලාද ඒ හා සම්බන්ධ වෙනත් හවුල් ක්‍රියාකාරකම්වලට පහසුකම්ද ඇතුළු සියලු අංගෝපාංගයන්ගෙන් සපිරි විස්තීර්ණ සංකීර්ණයක් ඉදිකරන බවද එම ගැසට් නිවේදන දෙකෙහි දැක්වේ.
ග්ලේනි වීදියේ සහ විනිසුරු අක්බාර් මාවතේ හෝටල් සංකීර්ණ ව්‍යාපෘතියේ හිමිකාරිත්වය, කළමනාකරණය, මෙහෙයවීම වෝටර්ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සතුවන බවද ගැසට් නිවේදනයෙහි සඳහන්ය.
ඩී.ආර්. විජයවර්ධන මාවතේ ඉදිකරනු ලබන හෝටල් සංකීර්ණය සීමාසහිත ලේක් ලෙෂර් හෝල්ඩින්ස් සමාගමට අයිති ව්‍යාපෘතියක් බවද ගැසට් නිවේදනයෙහි දැක්වේ.
මේ ව්‍යාපෘති දෙක සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
වසර දහයක කාලයක් සඳහා බදු නිදහසක් ලබා දී තිබේ. තවත් වසර ෙදාළහක කාලයකට සහනකාරී බදු කාලයක් පනවා ඇත.
මේ ව්‍යාපෘති දෙක සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
වසර දහයක කාලයක් සඳහා බදු නිදහසක් ලබා දී තිබේ. තවත් වසර ෙදාළහක කාලයකට සහනකාරී බදු කාලයක් පනවා ඇත.
ආදායම් බදු ලාභාංශ මත බදු, රඳවා ගැනීමේ බදු, එකතු කළ අගය මත (වැට්) බදු, වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු යනාදියද නිදහස් කර තිබේ.
ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කාල සීමාව තුළ කොන්ත්‍රාත්කරුවන්ට ඉදිකිරීම් කර්මාන්ත සහතික අරමුදල් බදු ගෙවීමද ඉදිකිරීමේ කාලය වසර හතර තුළ ව්‍යාපෘතියට අදාළ සියලුම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආනයන භාණ්ඩ රේගු බදු අය කිරීම්වලින්ද නිදහස් කර ඇත.

ව්‍යාපෘතියේ සේවය කරන විදේශ කාර්ය මණ්ඩලයේ උපරිමය විස්සකට අදාළව උපයන විට ගෙවීමේ බදු නිදහසක්ද පිරිනමා ඇති බවත් ගැසට් නිවේදනයෙහි දැක්වේ.