ලෝක ප්රකට උපදේශක සමාගමක් වන ‘හෙන්ලේ ඇන්ඞ් පා(ර්)ට්නර්ස් ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකට අනුව එක් රටක සිට තවත් රටකට යාම සදහා වීසා ලබාගැනීමට අපහසුම රටවල් 10 අතරට ශ්රී ලංකාව ඇතුළත් වී තිබේ.
සමීක්ෂණය සඳහා රටවල් රටවල් 219 ස්ථාන 93ක් යටතේ පෙළගස්වා තිබූ අතර, එහි ශ්රී ලංකාවට හිමිව තිබුණේ 88 වැනි ස්ථානයයි. මෙහිදී ශී්ර ලංකාවට ලකුණු 38ක් හිමිව තිබිණි.
ඒ අනුව ශ්රී ලාංකිකයින්ට රටවල් 38ක් සදහා බාධාවකින් තොරව වීසා ලබා ගැනීමේ අවස්ථාව හිමිවී ඇති බව එම දර්ශකය පෙන්වා දෙයි.
ලෝකයේ රටවල් 173ක් සදහා ගැටලූවකින් තොරව වීසා ලබා ගැනීම සදහා ස්වීඩනය, ෆින්ලන්තය හා එංගලන්තය යන රටවලට හැකියාව පවතින අතර, ඔවුන් එම ගණනය කිරීමේදී ලකුණු 173ක් හිමි කර ගනිමින් අංක එක ස්ථානයට පැමිණ ඇත.
ලෝකයේ රටවල් සදහා වීසා ලබාගැනීමට අපහසුම රට ලෙස ඔවුන් පෙන්වා දී තිබුණේ ඇෆ්ගනිස්ථානයයි.
ඇෆ්ගනිස්ථානය 93වැනි කාණ්ඩයේ පසු වන අතර,ඔවුන්ට හිමිව ඇත්තේ ලකුණු 28කි.එනම් ඔවුන්ට රටවල් 28ක් සදහා බාධාවකින් තොරව වීසා ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.