බොලිවුඞ් රංගන ශිල්පී රන්බීර් කපූර් මුම්බායි ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. කිසියම් කටයුත්තක් සඳහා අමෙරිකාවට ගොස් ආපසු පැමිණීමේදී එසේ අත්අඩංගුවට පත්ව තිබේ.
රේගුව සඳහා අනාවරණ කළ යුතු කිසිවක් ගමන්මලූවල නොමැති මගීන් සඳහා වෙන්කර තිබෙන ප්‍රවේශය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටවීමට රන්බීර් කපූර් උත්සහ කර ඇත. එහෙත් රේගු නිලධාරීන් පැමිණ ඔහු නවතා ඔහුගේ ගමන්මලූ පරීක්ෂා කර තිබේ.
ඉන්දියාවට රැගෙන ඒමේදී බදු ගෙවිය යුතු ඇතැම් ද්‍රව්‍ය ද එම ගමන් මලූවල තිබී හමුවී ඇතැයි සඳහන්වේ. ඒ අනුව ඉන්දීය රුපියල් ලක්ෂයක බදු මුදලක් ද දඩයක් ලෙස තවත් ඉන්දීය රුපියල් හැත්තෑ පන්දහසක් ද ගෙවීමට රන්බීර් කපූර්ට නියම කර ඇත.
කෙසේවෙතත් ඊට ප්‍රමාණවත් මුදල් ඔහු සන්තකයේ තිබී නොමැති අතර, ඒ නිසා ගමන්මලූ රේගු භාරයේ තිබියදී ගුවන් තොටුපොළෙන් පිටව යාමට ඔහුට සිදුව ඇති අතර, පසුව ඔහුගේ සේවකයෙකු පැමිණ නියමිත බදු සහ දඩ මුදල් ගෙවා එම ගමන්මලූ නිදහස් කරගෙන තිබේ.
රන්බීර් කපූර් යනු මේ දිනවල ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹෙන්නෙක්. ඔහු රඟපෑ ‘යේ ජවානී හේ දිවානී’ චිත්‍රපටය ඉකුත් දිනවල ආදායම් වාර්තා ද පිහිටුවමින් තිරගත විය.