ලංකාවේ සිටින එච්.අයි.වී. ආසාදිතයින්ගෙන් සියයට හතලිහක් විදේශයන්හි කාලයක් නරතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව එ්ඞ්ස් මර්දන එ්කකයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසුවේය.
මේ හේතුවෙන් විදේශගතව සිට නැවත ලංකාවට පැමිණෙන පුද්ගලයින්ගේ රුධිර පරීක්ෂාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදීම පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇතැයිද අධ්යක්ෂවරයා කීවේය.
ලොව පුරා එ්ඞ්ස් ආසාදිතයින් වැඩිම රටවල් අතරට ලංකාවද අයත් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරයි.
මෙම තත්වය වහාම මර්දනය නොකළහොත් වඩාත් දරුණු තත්වයක් රට තුළ ඇතිවිය හැකි බවද අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.