ලබන 12 වැනි දින සිට 24 වන දින තෙක් බස්නාහිර පළාතේ ප‍්‍රදේශ ගණනාවකට දිනකට පැය 2ක බැගින් විදුලිය අත්හිටුවන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව හෝමාගම, හොරණ, කළුතර, බණ්ඩාරගම, ශ‍්‍රී ජයවර්ධනපුර, රත්මලාන, දෙහිවල සහ අම්බලන්ගොඩ ප‍්‍රදේශවලට එම දිනයන්හිදී උදෑසන 8.30 ත් රාත‍්‍රි 10.30 ත් අතර කාලයේ දී විදුලිය අත්හිටුවෙනු ඇත.