මහා බ්‍රිතාන්‍ය පොලීසියට අනුබද්ධ මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ ධජය දෙමළ ජනතාව නිරූපණය කිරීම සඳහා භාවිතා කර ඇතැයි වාර්ථා වේ. මෙට්‍රොපොලිටන් පොලිසියේ නිල වෙබ් අඩවියේ දෙමළ යන නාමය සමග එය නිරූපණය කිරීම සඳහා භාවිතා කර ඇති කොඩිය වෙනුවෙන් මෙලෙස ඊළාම් කොඩිය භාවිතා කර තිබේ.
මෙට්‍රොපොලිටන් පොලිස් වෙබ් අඩවියේ පොලිසිය හා සම්බන්ධ විය හැකි ස්ථාන පිලිබඳ භාෂා කිහිපයකින් ඇති සටහනේ දෙමළ පරිවර්තනය සඳහා ඇති යොමුව වෙනුවට මෙම කොටි කොඩිය යොදා ඇති අතර ඒ හා සමානව බෙංගාලි, ලිතුවේනියා, පෘතුගීසි, පන්ජාබි, රෝම, සෝමාලි, ස්පාඤ්ඤ සහ තුර්කි භාෂා සඳහා වෙන වෙනම යොමු සඳහන් කර තිබේ.
1829 වර්ෂයේ ඇරඹි දැනට පනස්දහසකට අධික නිළධාරීන්ගෙන් සමන්විත මෙට්‍රොපොලිටන් පොලිසිය (Metropolitan Police Service ) බ්‍රිතාන්‍යයේ අග නගරය ආශ්‍රිත ‘මහා ලන්ඩනය’ ආශ්‍රිත ප්‍රදේශයේ නීතිය හා සාමය අරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියා කරන අතර ‘මහා ලන්ඩනයේ’ අභ්‍යන්තර කොටස භාරව ක්‍රියා කරන්නේ ලන්ඩන් සිටි පොලිසිය (City of London Police) විසිනි. මහා බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරක්ෂාව මෙන්ම ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට එරෙහිව කටයුතු කිරීමේ මූලික වගකීම සතු වන්නේද මෙම මෙට්‍රොපොලිටන් පොලිසියටයි.
එංගලන්ත පොලිස් ප්‍රධාන වෙබ් අඩවියේද මෙම මෙට්‍රොපොලිටන් පොලිස් වෙබ් අඩවිය පිලිබඳ යොමුවක් ඇති අතර මෙලෙස නිල රාජ්‍ය ආයතනයක් ත්‍රස්ත සංවිධානයක සංකේත භාවිතා කිරීම පිළිබඳ බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයෝ විමතිය පළ කරති. කොටි සංවිධානය ලොව දරුණුම ත්‍රස්ත සංවිධාන ලයිස්තුවේ ඉහලින්ම සිටින සංවිධානයක් ලෙස ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් ලැයිස්තු ගත කර තිබියදී ඔවුන්ගේ ඊළාම් කොඩිය බ්‍රිතාන්‍ය පොලිස් නිල වෙබ් අඩවියට ඇතුලත් කර ඇති අයුරින්ම මුස්ලිම් ජනතාව නිරූපණය කිරීමට අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සංකේත භවිතා කරන්නේදැයි ඔවුහු ප්‍රශ්න කරති.
- යටියන ප‍්‍රදීප් කුමර