-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ටෙලි නාට්‍යය නළු මිහිර සිරිතිලක හිරු ටී.වී හි මෙගා බයිට් වැඩසටහන මගින් බයිට් කිරීම සඳහා පසුගිය ඉරිදා දින පැහැරගෙන ශාරීරික හා මානසික හිංසා පමනුවා තිබු අතර එයින් අගතියට පත් මිහිර විසින් කොච්චිකඩේ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කොට තිබුනා.

ඒ අනුව මෙගා බයිට් නිවේදක සෙවන හැන්දිගේ සුනෝජ් ප්‍රනාන්දු ,මෙගාබයිට් රංගන ශිල්පීන් වන වර්ණකුලසූරිය සිල්වගුරුගේ පැට්‍රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත් කාංචනමාල ප්‍රනාන්දු යන තිදෙනා අද දින (10) දක්වා රිමාන්ඩ් බන්ධනාගතකරන ලදී.

පසුගිය දින කිහිපය සුනොජ් ඇතුළු මෙගා බයිට් කණ්ඩායම බන්ධනාගාරය තුල ගතකල ආකාරය බන්ධනාගාර ආරංචිමාර්ග මගින් දැනගැනීමට තිස්තුන්දාහේ අපට හැකි විය.

ඒ අනුව අධිකරණය විසින් පසුගිය පස් වනදා සුනෝජ් ඇතුළු අනෙක් නළුවන් දෙදෙනා බන්ධනාගාර ගතකිරීමට නියෝගය දුන් සැනින් "සිංහ එෆ්.එම්" නාලිකාවේ හිතවතෙකු විසින් බන්ධනාගාරය තුල නිලධාරියෙකුට කතාකොට පවසා ඇත්තේ පැමිණෙන්නේ හිරු ටී.වී ආයතනයේ තිදෙනෙකු බවත් ඔවුන්ට ගැටළුවක් නොවන වාට්ටුවකට ඇතුලත් කරන ලෙසය.

ඒ අනුව සුනෝජ් එකේ වාට්ටුවටත් රංගන ශිල්පීන් දෙදෙනා හතේ වට්ටුවටත් ඇතුළත්කොට ඇත. ගතවූ දින පහ තුලදී හිරු ආයතනයේ නිලධාරින් විසින් නිරතරයෙන් මෙගාබයිට් කණ්ඩායම සඳහා "විසිට්" ලබාදෙමින් ඔවුන්ට ශක්තියක් වී ඇත.

ඒ අනුව බන්ධනාගාරය තුලදී ඔවුන්ට කරදර හිරිහැර වලට මුහුණ පෑමට සිදුව තිබුනේ නැත. නමුත් ඊයේ දිනයේ හිරු නාලිකාවේ ප්‍රධාන පුවත් විකාශය තුලින් චෝදනාකොට සිටියේ එම පටිගත කිරීම සිදු වුයේ ආයතනයේ දැනුවත් වීමකින් තොරව බවත් , එයට වගකිවයුත්තේ නිවේදක සුනොජ් බවය.

හිරු ටී.වී සදාචාරාත්මක මාධ්‍යය නාලිකාවක් බව කියමින් අතපිසදා ගත්තේ සුනෝජ්ව බිල්ලට දෙමිනි. මේ අතර සුනොජ් ගේ පාර්ශවයේ 2012 වසරේ නිර්මාණය කොට තිබු හිරු මෙගා බයිට් ෆේස්බුක් පිටුව තුලින් සුනෝජ් පමණක් වැරදිකරු කිරීම වැරදි බවත් එසේනම් නාලිකාවේ හිමිකරුද මෙයට වගකිවයුතුයැයි පවසා තිබීම හේතුවෙන් හිරු ටී. වී නාලිකාවේ ෆේස්බුක් පිටුව තුලින් ප්‍රචාරයක් ගෙනගොස් තිබුනේ එය ව්‍යාජ ෆේස්බුක් පිටුවක් බවය.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos