-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දඹුල්ල පොලිසියට ඊයේ (09) පස්වරුවේ පැමිණි පුද්ගලයෙක් මිතුරා භාරයේ සිටින සිය බිරිඳ තමාවෙත ලබා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව පොලිසිය බිරිය මිතුරා සහ පැමිණිල්ල දැමූ පුද්ගලයා යන පාර්ශව තුනම අද පොලිසියට කැඳවීය. එහිදී හෙළිදරව් වූයේ පුදුමාකාර සිදුවීමක්ය.

පැමිණිල්ල දැමූ පුද්ගලයා දැඩිසේ මතට ලොල් වූ අයෙක් වන අතර තමාට මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පොහොරන්වැව පදිංචි මිතුරෙකුගෙන් රුපියල් පහලොස්දහසක් ණයට ගෙන තිබේ. ඊට පොලිය ලෙස මේ පුද්ගලයා සිය බිරිඳ ඔහුට මාස එකහමාරක කාලයකට උගස් කොට තිබේ.

දෙදරු මවක වන ඇයද කැමැත්තෙන් ඊට මුහුණ දී ඇති අතර සැමියාගේ මිතුරා සමඟ මාස එකහමාරක් ජීවත් වී තිබේ. මිතුරාගේ සැලකුම් සත්කාර කෙරෙහි ඇය පැහැදී ඇති අතර නිරන්තර තමාට අඩන්තේට්ටම් කරන සැමියාට වඩා අහම්බෙන් ලැබුණ සැමියා‍ගේ මිතුරා කෙරෙහි ඈ ලොල්වී තිබේ.

මිතුරාගේද බිරිය ඔහු අතැර ගොස් සිටි හෙයින් ඔහුද මේ උගසට ලද කාන්තාව කෙරෙහි බැඳීමෙන් සිට ඇත.

මාස එකහමාරකට පසු සැමියා පැමිණ තමා සමග එන්නැයි බිරියගෙන් ඉල්ලූ විට ඇය ඊට අකමැතිව තිබේ. මිතුරාද ඇය ලබා දෙන්නට අකමැතිව ඇති අතර පොලිසියට විත් මේ ගැටලුව විසදා ගන්නට සැමියා කටයුතු කර ඇත.

තමාට හිරිහැර කරන සැමියාට වඩා මිතුරා හොඳ බව කාන්තාව කියයි. උගස ලෙස ගත් කාන්තාව ආපසු නොදෙන බව මිතුරාද කියයි. තම බිරිය තමාට ලබා දෙන ලෙස සැමියා පොලිසියෙන් ඉල්ලයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos