ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සොයා බැලීම සඳහා මෙරට සතියක කාලයක් නිල සංචාරයක නිරත වුනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ශ‍්‍රී ලංකාවේදී කළැයි කියන ප‍්‍රකාශ දෙකක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇයට ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.
එම ලිපියේ මෙසේ සදහන් වේ.
‘ඔබතුමිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ පිහිටි අග‍්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මහතාගේ පිළිරුව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීප පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ජාවකදී පැවසූ බව 2013 සැප්තැම්බර් 8 වෙනිදා එම පුවත්පතේ සදහන් විය.
ඔබතුමිය දන්නා පරිදි අග‍්‍රාමාත්‍ය ඞී. එස්. සේනානායක මහතා නිදහස් ශ‍්‍රී ලංකාවේ නිර්මාතෘවරයා පමණක් නොව මගේ පක්ෂයේ ආරම්භක නායකයාද වන්නේය.
නිදහස් චතුරශ‍්‍රයේ බෞද්ධ කොඩිය ඉවත් කරන ලෙස ඔබතුමිය ඉල්ලා සිටි බව එම පුවත්පතේ පළ වූ සම්මුඛ සාකච්ජාවේ සදහන් විය.
මේ පිළිබදව ඉක්මනින් පැහැදිලි කිරීමක් සිදු කරන්නේ නම් කෘතඥ වෙමි. සම්මුඛ සාකච්ජාව ඇතුළත් ප‍්‍රවෘත්ති වාර්තාව ඔබතුමියගේ අවධානය පිණිස මේ සමග එවමි’