ලොව පුරා වස විස මිශ්‍ර කිරි ආහාර බෙදා හරින අපකීර්තිමත් නවසීලන්ත ෆොන්ටෙරා සමාගම ඉතා බරපතල වංචාවක් මේ දිනවල සිදුකරමින් සිටී.
ඔවුන් සිය නිෂ්පාදනවල දැන් රාජ්‍ය ලාංඡනය සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය ලැබුණු බව පවසමින් ස්ටිකරයක් අලවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ජාතික පුවත්පත්වල වෙළඳ දැන්වීම් පවා පල කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට අප සෞඛ්‍ය අමාත්‍යංශයේ නිසි බලධාරී වෛද්‍ය පාලිත මහීපාල මහතා සම්බන්ධ කර ගත් අතර ඔහු මේ සම්බන්ධ අදහස් පල කිරීමෙන් වැලකී සිටියේය.
මෙම නිෂ්පාදනවල ඞීසීඞී ඇති හෝ නැති බව පරීක්ෂා කරන්නේ කොහේද? කරන්නේ නම් එහි ක්‍රමවේදය කුමක්ද ? ඞීසීඞී ඇත්තේ නම් සෞඛ්‍ය අමාත්‍යංශය එහි වගකීම ගන්නේද? ෆොන්ටෙරා සමාගමේ මෙම කූඨ ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත්ද? මෙම බහුජාතික සමාගමට රාජ්‍ය ලාංඡනය භාවිතා කර සිය භාණ්ඩ අලෙවි කරන්නට අවසර දුන්නේ කවුද? යන ප්‍රශ්ණවලට රජයේ නිසි බලධාරියා ලෙස පාලිත මහීපාල මහතා පිළිතුරු දීමට වගකීමෙන් බැඳී සිටියද ඔහු පිළිතුරු දීමෙන් වැලකී දුරකතනය විසන්ධි කලේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් විමසීමක් කල අතර ඒ මහතා මේ සම්බන්යෙන් කල අදහස් දැක්වීම මෙසේය.