-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉරිදා පෞද්ගලික පන්ති පැවැත්වීම නීති ගෙනවිත් එය නතර කලහොත් ආණ්ඩුව පෙරළා දමන බව ප්‍රකට පෞද්ගලික උපකාරක පන්තු ගුරුවරයකු වන උපුල් සාන්ත සන්නස්ගල මහතා ප්‍රකාශ කරයි. මවුබිම පුවත්පත සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. එසේ වුවහොත් දෙමව්පියන් තම දරුවන් දහම් පාසලට යැවීම කෙසේ වෙතත් පන්සලට දෙන දානයදම් නවතා දමනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.
රටේ අපචාර හා දුරාචාර වැඩිපුර සිදුවන්නේ පෞද්ගලික පන්ති තුල නොව  ආගමික ස්ථානවලදී බව පවසන සන්නස්ගල මහතා පෞද්ගලික පන්ති නැවැත්වීම වෙනුවට හැකිනම් ඒවා නවත්වන ලෙඩ අභියෝග කරයි. එහිදී අදහස් පලකරන ඔහු “ඇතැමෙක් විශ්වාස කරන්න පුළුවන් දහම් පාසල් ගියහම දරුවෙක් හදාගන්න පුළුවන්. ඒ දරුවාගේ අනාගතය යහපත් කරගන්න පුළුවන්. දරුවාගේ ජීවිතයෙ සාරධර්ම ටික ගොඩනඟාගන්න පුළුවන් කියලා.ඇතැම් කෙනෙක් හිතන්න පුළුවන් දරුවා දහම් පාසල් ගියහම විනාශ වෙනවා කියලා. මම උදාහරණයක් කියන්නම්. ලංකාවේ සමහර ආගමික ස්ථාන තියෙනවා. පාතාල මධ්‍යස්ථාන. ඒ වගේ දහම් පාසලකට යැව්වොත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෙක් වගේ දරුවෙක් හදාගන්න පුළුවන්.

ලංකාවේ ළමා අපචාර, ළමා දූෂණ වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ ටියුෂන් පන්තිවලද ඉස්කෝලවලද මේ දෙකේම නෙවෙයි.පූජනීය ස්ථානවල. ඒක නිසා ටියුෂන් පන්තියට, පාසලට, පොලිසියට, හමුදා කඳවුරට වැඩිය නරක තැනක් විදියට පූජනීය ස්ථාන හඳුන්වන්න පුළුවන් ඉඩකඩක් වර්තමානයේ අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. මේ හදන්නේ මේ රට ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය කරන්න නෙවෙයි ආසියාවේ ආගමික ගුබ්බෑයම කරන්න. “  යනුවෙන් අදහස් පළ කර තිබේ.

උපුල් සාන්ත සන්නස්ගල මහතා පසුගිය වාරයේ එක්සත් ජාතික පක්ෂයේ සබරගමුව පළාත් මහ ඇමතිධූරයට තරඟ කරන බව පවසා පසුව එයින් ඉවත්ව පසුබැස ගියේය.එසේම මෙරට තුල මහත් ආන්දෝලනයට ලක් වූ ‘තනි තටුවෙන් පියාඹන්න’ සිනමාපටය නිෂ්පාදනය කලේද සන්නස්ගල මහතාය.
- යටියන ප්‍රදීප් කුමාර
මූලාශ්‍ර – mawbima

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos