දියනාමින් සිටි කාන්තාවක් එක්වරම වැළඳගෙන ළිඳට පැන්න පුද්ගලයකු ඇය දියේ ගිල්වා ඝාතනය කර ගොඩට පැමිණ පැය ගණනාවක් සිරුර ගොඩගැනීමට නොදුන් පුවතක් බකමුණ, අත්තනකඩවලින් වාර්තා වෙයි. ඊයේ පස්වරුවේ මෙලෙස ඝාතනයට ලක්ව අනුරාධුපුර පදිංචි ඇත්තේ 54 හැවිරිදි කාන්තාවකි.
ප්රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ සැකකරු රෝහල්ගත කර ඇත. වෙනත් කාන්තාවකගේ නමක් සඳහන් කරමින් මෙම කාන්තාව ළිඳට දැමූ බව ඇසින් දුටුවන් පවසා තිබේ.
මියගිය කාන්තාව පොකුණුගල ප්රදේශයේ උත්සවයකට පැමිණ සිටි අයකු වන අතර ඇය සැකකරු මීට පෙර කිසිදිනක හමු නොවූ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර වෙනත් කාන්තාවක යැයි රැවටී සැකකරු විසින් මෙම අපරාධය කරන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි. මේ පිළිබඳ පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්රියාත්මකයි.