ගූගල් සමාගම විසින් සිය ප්‍රධානතම නිෂ්පාදනය වන ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයට දැවැන්ත වෙනසක් එක්කර ඇතැයි වාර්තා වේ.
මෙම වැඩිදියුණුකිරීමේ (upgrade) ඇල්ගොරිතමය හමින්බර්ඩ් (Hummingbird) යන අනුවර්ත නාමයෙන් හැඳින්වේ.
මෙය වසර තුනකින් ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයට එක්කළ පළමු ප්‍රධානපෙලේ වැඩිදියුණුකිරීම ලෙස සැලකේ.
මේ වන විට මාසයක් පුරාවට ක්‍රියාත්මක වෙමින් පවතින මෙය, ගූගල් අන්තර්ජාල සෙවුම් 90%කට පමණ බලපාන බව පැවසේ.
මේ සම්බන්ධයෙන් ගූගල් ආයතනය පවසා සිටින්නේ වඩා දීර්ඝ හා සංකීර්ණ සෙවුම් සඳහා හමින්බර්ඩ් වඩාත් ප්‍රයෝජන බව බවයි.
නිදසුනක් ලෙස ගූගල් ආයතනය දක්වා සිටින්නේ ජංගම දුරකථන හෝ ස්මාර්ට්වොච් වැනි තාක්ෂණික උපාංග ඔස්සේ ගූගල් සෙවුම් වල නිරත වීමට සිය කඩහඞ භාවිතා කරන්නන් ය.