ටෙෂාරි නලින්දිකා කරනායක
රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ට රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවීම වැනි වගකිවයුතු කාරණාවක් නිල වශයෙන් දැනුම් දිය හැකි එකම ක්‍රමය ලෙස ආයතන සංග්‍රහයෙන් පිළිගෙන ඇති ‘ටෙලිග්‍රෑම්’ සේවාව නතර කිරීමට තැපැල් සේවා අමාත්‍යංශය තීරණය කිරීම හේතුවෙන් වැඩ කරන ජනතාව මෙන්ම පරිපාලනමය වැඩකටයුතුවලදී බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ටෙලිග්‍රෑම් සේවාවට විකල්පයක් ලෙස ටෙලි මේල් සේවාව හඳුන්වා දුන්නද වගකිව යුතු ලිඛිත දැන්වීමේ ක්‍රමයක් ලෙස එය ආයතන සංග්‍රහයට සංශෝධනයක් ලෙස ඇතුළත් කර නැතැයි පවසන සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පිළිගත හැකි නීත්‍යනුකූල විකල්ප විසඳුමක් ක්‍රියාත්මක වනතෙක් ටෙලිග්‍රෑම් සේවාව නතර නොකරන මෙන් ඉල්ලා සිටියි.
ටෙලිග්‍රෑම් සේවාව නතර නොකර පිරිවැය අඩුකර ගැනීම සඳහා ටෙලිග්‍රෑම් බෙදීම සාමාන්‍ය තැපෑලෙන් දිනකට එක්වරක් සිදුකරන ලෙස රජයට යෝජනා කරන සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ටෙලිග්‍රෑම් සේවාවට විකල්පයක් ලෙස ටෙලිමේල් සේවාව හඳුන්වා දෙන්නේ නම් ඒ සඳහා අයකරන මුදල අඩුකරන ලෙසද ඉල්ලා සිටියි.