තමාස හයක් වයසැති දරුවා ඇකයේ තබාගෙන කිරි දෙමින් සිටි 23 හැවිරිදි මවක උදැල්ලකින් පහරදී මරා දමා ඇතැයි බළන්ගොඩ පොලිසිය කියයි. ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන 20 හැවිරිදි තරුණයා කෘමිනාශක වර්ගයක් පානය කොට සිටියදී බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ඝාතනය සිදු කළ පසු වස පානය කිරීම හේතුවෙන් රෝහල් ගතකර ඇත්තේ ඇයගේ සැමියාගේ බාල සොහොයුරායි. මුදල් ප්රශ්නයක් මත මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
උදැල්ලෙන් පහරදුන් සැකකරු අසල ඉඩමක තේ දලු නෙළමින් සිටි තම මවට අයියාගේ බිරිය මරා දැමූ බව පැවැසී යැයි ඔහුගේ මව පොලිසියට ප්රකාශයක් කර තිබේ.
බළන්ගොඩ මූලික රෝහලේ ප්රතිකාර ලබන සැකකරුගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචිමාර්ග කියයි. බළන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බළන්ගොඩ මූලික රෝහලේ ප්රතිකාර ලබන සැකකරුගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචිමාර්ග කියයි. බළන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.