පුහුදිවුල ...මාවතවැව ... අලියාකඩ...මරදන්මඩුව...කපුගොල්ලෑව... දුනුවත්තේගම... මොරවැව...වාහල්කඩ වාහල්කඩ වාහල්ක....මේ හොරව්පතාන බස් නැවතුමට යන ඕනෑම අයෙකුට අසන්නට ලැබෙන කටහඩකි. ඇගේ කටහඩ පිරිසකට හුරුවුවත් තවත් පිරිසකට නුහුරුය. ඒ වාහල්කඩ සිට හොරව්පතාන දක්වා දිවෙන බස් රථයේ කොන්දොස්තරවරිය වශයෙන් සේවයේ නියුතුව සිටින උතුරු මැද පළතේ ප‍්‍රථම කාන්තා කොන්දොස්තරවරියගේ හඩයි.
ඇය ඞී 02 වාහල්කඩ කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචි දෙදරු මවක වන රනාගේ සිරිමාවතී මහත්මියයි. 48 වියේ පසුවන ඇය වෙනත් කාන්තාවන් තෝරා ගන්නා වෘත්තියට වඩා හාත්පසින්ම වෙනස් වෘතියක නිරත වන අතර ඇය පසුගියදා උතුරු මැද පළාතේ ප‍්‍රථම කොන්දොස්තරවරිය වශයෙන් උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියෙන් සිය අවසර පත‍්‍රය ලබා ගත්තාය.
මීට වසර 10ට පමණ ඉහතදී සිය සැමියා වන කේ.ඞී විජේපාල (50) මහතා සමග එක්වී කුඩා ලොරි රථයක් මිලදී ගෙන ප‍්‍රදේශයේ ජනතාවගේ ගමන් පහසුකම් සඳහා සේවය ලබා දුන් අතර ඉන්පසුව තනි දොරේ බස් රථයක් මිලදී ගෙන ප‍්‍රදේශයේ ජනතාවට ගමනා ගමන පහසුව සලසා ඇත. ඉන් අනතුරුව මීට මාස කිහිපයකට ඉහතදී දොර දෙකේ බස් රථය මිලදී ගෙන සැමියා සමග එක්වී තවදුරටත් ප‍්‍රදේශයේ මගී ජනතාවගේ ගමන් පහසුව සලසා දෙමින් ඇය කොන්දොස්තර වෘත්තියේ නියැලෙමින් සිටි.
සෑම දිනකම උදෑසන 8.15 ට වාහල්කඩින් හොරව්පතාන දක්වා බස් රථය ගමන් ආරම්භ කරන අතර නැවතත් දහවල් 12ට හොරව්පතාන බස් නැවතුම්පොළෙන් වාහල්කඩ දක්වා ගමන් ආරම්භ කරයි. කිලෝ මීටර 30 ක පමණ ගමන් මාර්ගය ඹස්සේ දිනපතා ඇය සිය සැමියා සමග බස් රථයේ සේවය යෙදි සිටිති. ඇය තෝරාගත් කොන්දොස්තර වෘත්තිය සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වු රනාගේ සිරිමාවති මහත්මිය.
මට අවුරුදු 30 ක සහ 28 ක විවාහ වෙච්ච දියණියන් දෙදෙනෙක් ඉන්නවා. අපි මේ ප‍්‍රදේශයේ පහසුකම් අඩු කාලේ, ඒ කියන්නේ ත‍්‍රස්තවාදී කලබල තිබ්බ කාලේ ඉඳන් තමයි කුඩා ලොරි රථයකින් ප‍්‍රදේශයේ ජනතාවට හොරව්පතාන නගරයට එන්න සහ ආපසු යන්න ගමන් පහසුකම් සැලසුවේ.
ඒ කාලේ මම ලොරියේ පිටි පස්සේ ලණුවේ එල්ලිලා කොන්දොස්තරවරියක් වශයෙන් සේවය කළා. වැහි දවස්වලට නාගෙන ගෙදර යන්නේ. පස්සේ අපි තනි දොරේ බස් රථයක් මිලදී ගත්තා. එම බස් රථයෙත් කොන්දොස්තරවරිය වශයෙන් සේවය කළේ මම. දැන් අපිට තියන දොර දෙකේ බස් රථයේත් කොන්දෝස්තරවරිය වශයෙන් සේවය කරන්නේ මම. සමහර දවසට බස් එකේ සෙනඟ පිරුනහම මට පාපුවරුවේත් එල්ලිලා යන්න සිදුවන අවස්ථා තියනවා. මගේ හිතේ ලොකු ධෛර්යක් තියනවා. පිරිමින්ට කරන්න පුලූවන් දේවල් ගෑනු වෙච්ච අපිටත් කරන්න පුලූවන් වෙන්න ඕන. ධෛර්ය තියනවා නම් ඕනම දෙයක් ගෑනුන්ටත් කරන්න පුලූවන්.
වසර 10ට ආසන්න කාලයක් කොන්දොස්තරවරියක් වශයෙන් සේවය කර කර ඉද්දී පසුගිය දා මට ඇබැද්දියක් සිදුවුණා. ඒ උතුරු මැද මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ නිලධාරීන් පිරිසක් ඇවිල්ලා කොන්දොස්තර වෘත්තියේ නියැලෙන්න අවශ්‍ය බලපත‍්‍රය තියනවද කියලා පරීක්‍ෂා කළා. මට බලපත‍්‍රයක් තිබ්බේ නෑ. ඒ නිසා රුපියල් තුන්දහසක දඩයක් ගැහුවා.
ආපු නිලධාරීන් කිවුවා කාන්තාවන්ට මේ වෘත්තියේ නිරත වෙන්න බෑ කියලා. මම ගියා අනුරාධපුර පිහිට මාර්ගස්ථ මගී ප‍්‍රවාහන කාර්යාලයට. ගිහිල්ලා සභාපතිතුමාට මේ ගැන කිව්වා. සභාපතිතුමා මට කිව්වා කාන්තාවකට කොන්දොස්තර වෘත්තියේ නියැලෙන්න කිසිම නීතිමය බාධාවක් නෑ කියලා. ඒ අනුව මට ඒ වෙලේම බලපත‍්‍රය ලබා ගන්න අවශ්‍ය ලිපි ලේඛන ලබා දුන්නා. ඉන් අනතුරුව උතුරු මැද පළාත් ප‍්‍රවාහන අමාත්‍ය එච්.බී සේමසිංහ මහත්තයා අතින් මට උතුරුමැද පළාතේ ප‍්‍රථම කොන්දොස්තරවරිය වශයෙන් පත්වීම් ලැබුණා.
මට මේ පත්වීම ලබා දෙන්න කටයුතු කළ අමාත්‍යවරයාටත්, උතුරුමැද පළාත් මාර්ගස්ථ මගි ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ඩබ්.එම් විජේසුරිය මහත්තයාටත්, සාමාන්‍යාධිකාරි අයි.ජී කරුණාබංඩාර මහත්තයාටත්, ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මගේ ඊළඟ උත්සහය බස් රථ රියදුරුවරියක් වශයෙන් බලපත‍්‍රයක් ලබාගෙන රියදුරුවරියක් වන්න. මේ වනකොට මම මගේ ඥාති සහෝදරියක් කොන්දොස්තරවරියක් වශයෙන් පුරුදු පුහුණු කරන බවද ඇය අප සමග වැඩිදුරටත් පැවසුවාය.