දකුණු මුහුදු තීරයේ සාගර පත්ලෙන් සොයාගත් පෞරාණික නෞකා නැරඹීමේ අවස්ථාව ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු යොදා ඇත.
ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ මගින් සොයාගත් ඉපැරණි නෞකා රැසක් මෙහිදී නැරඹීමට හැකිවන අතර ගාල්ල ඉපැරණි වරායේ පත්ලෙන් සොයාග්ත් ”අවේන්ටේ්ර” නැවේ නටඹුන්ද අවස්ථාව උදාවන අතර විදේශ සංචාරකයන්ට මුහුදු පත්ලේ ඇති මෙම නැව් හා පෞරාණික පුරාවස්තු නැරඹීමට අවස්ථාව උදාවේ.
මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් දකුණු පළාතට ගෙන්වා ගැනීමත් මෙහි එක් අරමුණක් බවද මෙම ව්‍යාපෘතියේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලබන වසරේ මුල සිට ආරම්භ කිරීමට සැලසුම්කර ඇති මෙම ව්‍යාපෘතියට දකුණු පළාත් සභාවේ සහයද ඇතිව ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ අධීක්ෂණය යටතේ මේ දිනවල වැඩකටයුතු ආරම්භ කර ඇති අතර මෙම ව්‍යාපෘතිය තුළින් දෙස් විදෙස් සංචාරකයන් මුහුදු පත්ලේ සැගවී ඇති අපූර්ව ලෝකයක් මෙන්ම සැගවී ඇති පුරාවස්තු හා ඒවායේ නටඹුන් රැුසක්ම නැරඹීමට අවස්ථාව උදාවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කරයි.