අනෝමා ජීවත් වූයේ මුල්කිරිගලය. සාමාන්‍ය පෙළ දක්වා උගත් දහඅට හැවිරිදි ඇය සිය වැඩිමහල් සහෝදරිය සේවය කළ බියගම පිහිටි ඇ`ගලූම් කම්හලේ රක්ෂාවකට යන්නේ පවුලේ ආර්ථික බරට යම් සහනයක් ගෙන දෙන්නටය.
ඒ සහෝදරිය සමග ඉකුත්දාය. පවුලේ ආර්ථිකයට ශක්තියක් ලෙස ඇගලූම් කම්හලේ රැුකියාවට ගිය ඇය රක්ෂාව කරන අතර වැඩිකල් නොගොස් පරස්තාවක්ද කරගන්නට යමෙකු සොයාගත්තාය. ඒ එම ඇගලූම් කම්හලේම සේවයේ නිරතව සිටි තරුණයෙකි. කුළියාපිටියේ සිට බියගමට පැමිණ බෝඩිමක නතර වී සිටි එම තරුණයා සහ අනෝමා අතර ඇතිවූ පෙම් පළහිලව්ව අනෝමාගේ සහෝදරියගේ කන වැකීමට එතරම් කාලයක් ගතවූයේ නැත. ඇය ඒ ගැන සහෝදරියට අවවාද කළ අතර එම සම්බන්ධය නතර කරන ලෙසද ඇයට පැවසුවාය.
ඒ වන විට අනෝමා ඇ`ගලූම් කම්හලේ සේවයට ගොස් එතරම් කාලයක් නැත. එහෙත් දෙදෙනා පේ‍්‍රමයෙන් මුසපත්ව සිටියේ ආත්මයෙන් ආත්මයට බැඳුණු සංසාරගත පේ‍්‍රමයක් ලෙසිනි. ඇ`ගලූම් කම්හලේ රැුකියාවට පැමිණ සති දෙකක් ගෙවී යන්නටත් මත්තෙන් අලූයම ඇය සිය පෙම්වතා සමග සහෝදරියටද නොදන්වා හොර රහසේ පලායන්නේ ඒ නිසාය.
ආදරයෙන් අන්ධවී සිටි මෙම තරුණ යුවළ යන්නේ කොළඹ කොටුවටය. ඒ අනුරාධපුරය බලා යාමට සූදානමිනි. ඒ ගොස් කුලියාපිටියේ තරුණයාගේ ගමට යාම ඔවුන්ගේ අරමුණ විය. ඒ කුළියාපිටියේ පිහිටි ඇ`ගලූම් කම්හලකින් රැකියාවක් සොයාගෙන ජීවත්වන්නටය.
අනුරාධපුරය බලා යාමට මේ දෙදෙනා ගොඩවන්නේ වවුනියාව බලා ධාවනය වන බස් රථයකටය. ඒ පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටි බස්නැවතුම් පොළෙනි.
පෙම්බස් දොඩමින් දෙදෙනා බස් රථයේ අසුනක කොනකට වී ගමන් ගත්තේ අලූත බැඳපු ජෝඩුවක් ලෙසිනි. නමුත් අනුරාධපුරයට බස් රථය ළගා වන විට දෙදෙනාගේ කතා පෙට්ටි වැසී තිබුණේ එකිනෙකාට හේත්තුවී තද නින්දකට වැටි සිටි නිසාය. එම නින්ද කොතරම් දැයි සඳහන් කළහොත් දෙදෙනාට ඇහැරෙන්නේ වවුනියාව බස් නැවතුම් පොළේදීය.
වවුනියාවෙන් ආපහු කොළඹ පැමිණෙන බස් රථයකට ගොඩවන මේ දෙදෙනා අනුරාධපුරයට පැමිණියද වැඩිවේලාවක් එහි රැඳී සිටින්නේ නැත. ඒ දෙදෙනා එකිනෙකාට සමුදෙන බැවිනි.
‘‘මම ඔයාලගෙ ගෙදරට ඇවිත් කතාකරන්නම්’’ පෙම්වතා ඇගේ නිවසට පැමිණෙන මාර්ගයද, ලිපිනයද ලබාගෙන ඇයව කොළඹ බලා ගමන් ගන්නා වෙනත් බස් රථයකට ගොඩකර ඇයට සමුදෙන්නේ එසේය.
ඇය ගොඩවූ බස් රථය කොළඹට ළ`ගා වනවිටම වාගේ කොළඹින් වලස්මුල්ල හරහා මිද්දෙණිය බලා ධාවනය වන බස් රථයක් මගී පර්යන්තයේ නතරකර තිබුණේ සවස 5.30ට ගමන් අරඹන්නටය. ඇය ගමට යනු පිණිස ඊට ගොඩවූයේ බියගම ගියහොත් සහෝදරියගෙන් දොස් අහන්නට පමණක් නොව ගුටි කන්නටද සිදුවනු ඇතැයි සිතූ බැවිනි.
ඇය එහි අසුන්ගන්නේ මැද පේළියේ ආසනයකය. දකුණේ ප‍්‍රසිද්ධ බස රථයක් වූ එය ජනෙල්වලට තිර රෙදිද දැමූවකි.
හරියටම සවස 5.30ට ගමන් ඇරඹූ බස් රථය වලස්මුල්ලට ළ`ගා වනවිට මධ්‍යම රාත‍්‍රිය පසුවෙමින් තිබුණේය. ඇයත් සමග බස් රථයේ ඒ වනවිට සිටියේ මගින් දහ පහළොස් දෙනෙකු පමණි.
‘‘මුල්කිරිගලට යන්න මේ වෙලාවට වලස්මුල්ලෙන් බස් එකක් තියේද අයියේ?’’ අනෝමා කොන්දොස්තර කොළුවාගෙන් එසේ විමසුවේ ඊට පෙර එතරම් ? බෝවී බස් රථවල ඇය ගමන් කර නොතිබුණු නිසාය.
අපිත් යන්නේ ඒ පැත්තට තමයි කොන්දොස්තර කොළුවා අනෝමා දෙස කෑදර බැල්මක් හෙළා එසේ පවසන්නට වූයේ ඇය තනිවී සිටින්නියක බව වටහාගෙන නිසා විය හැකිය.
ඒ බැල්ම ඇයට එතරම් ඇල්ලූවේ නැත. ඒ නිසාම ඇය පරිස්සම්වන්නට සිතාගත්තාය. වලස්මුල්ල නගරයේ බස් රථය නතර කරනවිට ඇය හැරුණු කොට සියලූම මගින් බස් රථයෙන් බසින අයුරු ඇය දුටුවාය. එනිසාම ඇයද වලස්මුල්ල නගරයෙන් බැසීමට තීරණය කළාය. එහෙත් ඇය ඒවනවිට ප‍්‍රමාද වැඩිය. බස් රථයේ මැද අසුනක සිටි ඇය බස් රථයේ ඉදිරිපස දොර වෙත එනවිටත් මගීන් සියලූ දෙනාම ඉන් බැස හමාරය. එයින් ප‍්‍රයෝජනය ගත් කොන්දොස්තර කොළුවා ඇයව අල්ලා තදින් මුව වසාගෙන රථය ඉදිරියට ධාවනය කරන්නැයි රියැදුරාට නියෝගයක් දුන්නේය.
ඒ අනුව රියැදුරා රථය ඉදිරියට ධාවනය කරන විට ඇයව අතහරින කොන්දොස්තර කොළුවා බස් රථයේ ඉදිරිපස සහ පිටුපස දොරවල් අගුල්ලෑවේ... රථයේ ජනෙල්ද වසා තිර රෙදිද සකසමිනි.
ටික වෙලාවකට පසු බස් රථය නතරකරන්නේ කැලෑබද අතුරු මාර්ගයකය. එහිදී අනෝමාව පිටුපස අසුනට ඇදගෙන යන කොන්දොස්තර කොළුවා කෲර ලෙස ඇයව ¥ෂණය කරනුයේ ඇය කෑමොර දෙමින් දගලද්දීය.
මෙම අසරණ තරුණියගෙන් සිය කාමාශාවන් සංසිඳුවාගත් කොන්දොස්තරවරයා අවසානයේ ඇය ප‍්‍රධාන මාර්ගයට රැුගෙනවිත් වෙනත් බස් රථයකට ගොඩකර මුල්කිරිගලට ඇයව යවන්නේ අලූයම් කාලයේදීය.
මේ මගී බස් රථයක අනාරක්ෂිත වූ තරුණියකට අත්වූ තවත් එක් ඛිදෙවාචකයකි. මෙවන් සිදුවීම් අද වනවිට මගී බස් රථ තුළ සුලභව සිදුවූවත් ඒ ගැන පොලීසිවලට වාර්තාවන්නේ නම් ඒ එකක් දෙකක් පමණි. අනෝමාද ඒ ගැන වීරකැටිය පොලීසියට කරන පැමිණිල්ල හේතුවෙන් තංගල්ල කොට්ඨාසයේ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ උපදෙසින් වීරකැටිය පොලිස් ස්ථානාධිපති අනිල් ජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක් සිදුවිණි. අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී‍්‍රති කුමාර, ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අවසානයේදී බස් රථයද පොලිස් භාරයට ගනිමින්, එහි රියැදුරාද, කොන්දොස්තරද අත්අඩංගුවට ගත්තේය. ඒ වනවිට ඔවුන් දෙදෙනා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය.
අනෝමාට මගී බස් රථයක් තුළදි කොන්දොස්තරවරයාගෙන් සිදුවුනු හිරිහැරයට නොදවෛනි හිරිහැරයක් ඉකුත් මාසයේදීද පොලීිසියට වාර්තා විය. ඒ පිටකොටුවේ බැස්ටියන් මාවත බස් නැවතුම් පොළේදී වවුනියාවේ සිට කොළඹට පැමිණි බාල වයස්කාර දැරිවියක් ¥ෂණය කිරීමකි. අනෝමා කොන්දොස්තරවරයාගෙන් පමණක් බේරුණද, එදා එම බාලවයස්කාර දැරිවියට රියැදුරාගෙන්ද ගැලවිල්ලක් නොවීය.
මෙයට පෙරද බැස්ටියන් මාවතේ බස් නැවතුම්‍පොළේදී බස් රථයක් තුළ තරුණියක දුෂණය කර තිබුණේ රියැදුරකු විසිනි. ඒ මහා දවාලයේය. මොණරාගල - කොළඹ බස් රථයක් වූ එහි රියැදුරා ලෙස සේවයේ නිරතව සිටියේ බස් රථයේ හිමිකරුමය. කටුනායක කලාපයේ ඇ`ගලූම් සේවිකාවක වූ ඇයව දුෂණය කළ රියැදුරාව පොලීසිය මගින් එදා අත්අඩංගුවට ගත්විට හෙළිවන්නේ බස් රථවල අනාරක්ෂිත වන තරුණියන් සියයකට වැඩි පිරිසක් ඔහු ඒ ආකාරයට ¥ෂණය කර ඇති බවය. නමුත් වාර්තාවූයේ එකක් පමණි. ඔහු පොලීසියට කොටුවන්නේද ඒ වාර්තා වූ එකම එක පැමිණිල්ලටය. අද වන විට ඔහු සිටින්නේ මහ උළු ගෙදරය. ඒ කළ වරදට දඬුවම් ලැබි ඇති නිසාය.
පසුගිය කාලය පුරාවටම පොලීසියට වාර්තා වී ඇති මෙවන් සිදුවීම් දෙස බැලීමේදී පෙනී යන්නේ පෞද්ගලික මගී රථ තුළ අනාරක්ෂිත වන තරුණියන් රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ ගොදුරු බවට නිරන්තරයෙන් පත්වන බවකි. රජයේ බස් රථවල මෙවන් සිදුවීම් සිදුවුණු බවට මතෛක් වාර්තා වී නැත. ඒ ලංගම බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් තම වගකීම් සහ යුතුකම් ගැන යම් අවබෝධයකින් කටයුතු කරන නිසා විය හැකිය.
මෙම තත්ත්වය දෙස බැලීමේදී මේ වන විට සමාජ පිළිලයක් බවට පත්වන්නට ඉඩ ඇති බවට ඉ`ගි කෙරෙන මෙවන් සිදුවීම් නතර කිරීමට බලධාරීන් යම් පියවරක් ගත යුතු කාලය එළඹි ඇති බව පෙනී යයි.
ඒත් සමගම මගී බස් රථයක ගමන්කිරීමේදී තරුණියන් තම ආරක්ෂාව පිළිබඳව එදාට වඩා අද අවධානයෙන් සිටීම වැදගත්ය. විශේෂයෙන් දුරගමන් සේවා බස් රථවල ගමන් කිරීමේදී රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සමග ඕනැවට වඩා හිතවත්කම් පාන්නටත් තමා අනාරක්ෂිත බව පෙන්වීමටත් යාම නොකළ යුත්තක් බවත්, පසුගිය කාලයේ බස් රථවලදී දුෂණයට ලක්වුණු තරුණියන් බොහෝදෙනෙකු දුෂණයටත් අතවරයටත් ලක්වන්නේ ඒ අය අනාරක්ෂිත බව කොන්දොස්තරවරුන් සහ රියැදුරන් දැනගැනීමෙන් අනතුරුව බවත් ඒ ගැන කළ විමර්ශනයකදී පැහැදිලි විය.