ඉන්දියානු රජයේ ආධාරයෙන් අලූතින් ඉදිකල ඕමන්තේ සිට කිලනොච්චිය දක්වා නව දුම්රිය මාර්ගයේ මංගල ගමන සඳහා චීනයෙන් ආනයනය කරන ලද දුම්රියක් යොදා ගැනීම ගැන ඉන්දීය රජයේ නියෝජිතයන් සිය අප්රසාදය පල කල බව වාර්තා වේ.
ඉන්දීය රජයේ ආධාරයෙන් සැකසුණු නව දුම්රිය මාර්ගයේ ගමන් ගත් යාල්දේවී දුම්රියේ පළමු ගමන සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත එන්ජිමක් නොයෙදවීම ගැන ඉන්දීය බලධාරීන් ශ්රි ලංකා දුම්රාය සේවයේ වලකිව යුත්තන්ගෙන් කරුණු විමසීමක්ද සිදු කර තිබේ.
දෙපාර්තමේන්තුව සතු දුම්රියවලින් මෙම ගමන සඳහා සුදුසු ඉන්දීය දුම්රියක් නොයෙදවීමෙන් තමන්ට අවමානයක් සිදුව ඇතැයිද ඉන්දියාව පවසා ඇත.
ශ්රී ලංකා දුම්රිය බලධාරීන් පැහැදිලි කර ඇත්තේ කිලිනොච්චි මංගල ගමනට සහභාගී වන ප්රභූන්ගේ පහසුව සඳහා සම්පූර්ණයෙන්ම වායු සමනය කල දුම්රියන් යෙදවිය යුතු වූ අතර දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ චීනයෙන් ආනයනය කල එබඳු දුම්රිය දෙකක් පමණක් බවත්ය.
එහෙත් එම මතය පිළි නොගත් ඉන්දීය බලධාරීන් පවසා ඇත්තේ ඉන්දීය දුම්රියකට වායු සමනය කල මැදරියක් යෝදවා ප්රශ්ණය විසඳා ගත හැකිව තිබූ බවයි.
අදාල ගමන සඳහාද සූදානම්ව පැමිණි සමහර ඉන්දීය නියෝජිතයන්ද මේ හේතුව මත දුම්රියෙන් ගමන් කල නොහැකි බව දන්වා ඇත.