උමා ඔය ජල විදුලි ව්‍යපෘතිය යටතේ වූ ඩයරබා ජලාශයේ සිට වැල්ලවය දක්වා වූ උමඟේ දිග කිලෝමීටර් 15.5කි.
එම උමඟේ කැනීම් කටයුතු පසුගියදා ආරම්භ වූයේ ජර්මනියේ නිෂ්පාදිත ටනල් බෝරිං යන්ත්‍රයක් යොදාගනිමිනි. මෙය ලංකාවේ භාවිතා වන පළමු උමං කැනීමේ යන්ත්‍රයයි.
මෙම යන්ත්‍රය ප්‍රධාන උමං මාර්ගයට සම්බන්ධ කිරීමට ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳල්ල ප්‍රදේශයෙන් අතුරු උමඟක් සාදන ලදි.
මීටර් 4.5ක විශ්කම්භයක් සහිතව දිනකට මීටර් 20ක් පමණ දුරට ගල විදීමට මෙම යන්ත්‍රයට හැකිය. ඒ අනුව මසකට මීටර් 500-600ක් අතර දුර ප්‍රමාණයයක් හෑරීම කළ හැකිය. මෙවැනි යන්ත්‍ර දෙකක් යොදාගැනීමට නියමිතය.
උමා ඔය ජල විදුලි ව්‍යපෘතිය පටන්ගත්තේ 2008 වසරේදීය. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 529ක වියදමක් ඇස්තමේන්තු කර තිබූ අතර එයින් 450ක්ම ණය ලැබුනේ ඉරානයෙන්. ඉතිරි මුදල වන රු. මිලියන 9,000ක් ලංකාවෙනි.
උමා ඔය ජල විදුලි ව්‍යපෘතිය මඟින් මෙගාවොට් 120ක ධාරිතාවක් සහිත වොදුලි බල උත්පාදනයක් සිදු කෙරෙන අතර වියලි කලාපයට පානීය ජලය රැගෙන යාමද සිදුකෙරේ.
විදුලිය නිපදවා අපතේ යන ජලය මොනරාගල, බදුල්ල අම්පාර ප්‍රදේශ වලට යැවේ. ව්‍යාපෘතිය අවසන් වන්නේ 2016 වසරේදීය
වැලිමඩදී උමා ඔය හරස් කර සෑදූ පුහුල්පොල ජලාශයේ ජලය ඩයරබා ජලාශයටත්, එතැනින් වැල්ලවාය රන්දෙනියටත් රැගෙන යන්නේ උමං මාර්ගයෙන්. ඩයරබා ජලාශය දක්වා ඇති පලමු උමඟේ වැඩ මේ වනවිට අවසන්ය. එහි දිග කිලෝමීටර් 04කි. මෙම යන්ත්‍රය භාවිතා වන්නේ ඩයරබා ජලාශයේ සිට වැල්ලවය දක්වා වූ උමඟ සඳහාය.
මෙම යන්ත්‍රය කොටස් වශයෙන් ලංකාවට රැගෙන ආවේ පසුගිය ඔක්තෝබර් මාසයේ වන අතර ඒවා එකලස් කිරීම පසුගිය කාලයේ සිදුවිය.