ඉන්දුනීසියාව පුරා ඇවිළ යමින් ඇති විරෝ්ධතා හේතුවෙන් ලෝක රූ රැජින තරගාවලියේ අවසන් වටය පැවැත්වීමට නියමිතව ඇති බාලි දිවයිනේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
සති 3ක් පුරා පැවැත්වෙන තරගාවලිය ජකාර්තා අගනුවර සහ ඒ අවට පැවැත්වීමට සංවිධායකයන් විසින් සැලසුම් කර තිබුණද ගණිකාවන්ගේ අසභ්‍ය තරගාවලියක් ලෙස හඳුන්වමින් ඇවිළ ගිය මුස්ලිම් උද්ඝෝෂණයන් හේතුවෙන් එය බහුතර හින්දු ජනගහනයකින් සමන්විත බාලි දිවයිනට ගෙනයාමට සිදුවිය.
මිලියන 240ක ජනගහනයකින් හෙබි ඉන්දුනීසියාවේ 90%ක් මුස්ලිම්වරුන් ජීවත්වන අතර ලෝකයේ විශාලතම මුස්ලිම් ප‍්‍රජාවක් ජීවත්වන රට ලෙසද සැලකේ. ඉස්ලාම් සුරැකීමේ පෙරමුණේ නැගෙනහිර ජාවා ශාඛාවේ හයිඩාර් අල් හමීඞ් පවසා ඇත්තේ රූ රැජිණ තරගය නොපිළිගත හැකි හෙයින් ඊට එරෙහිව සටන් වදින බවයි.
දහස් ගණනක් ජනතාව ජකාර්තා නගරය මෙන්ම සුමාත‍්‍රා දිවයින සහ බෝර්නියෝ ප‍්‍රදේශවලද විරෝධතා දක්වමින් සිටින බව පැවසේ. සිය ගණනක් විරෝධතාකරුවන් නැගෙනහිර ජාවා සිට බාලි දිවයින දක්වා මුහුද හරහා පැමිණීමට දැරූ තැතක් පොලිස් නිලධාරිනියන් ඇතුළු ආරක්ෂක අංශ විසින් මැඩපවත්වා තිබේ.
තරගාවලියට සහභාගී වන රූප සුන්දරියන්ගේ සුප‍්‍රකට බිකිනි තරග වටය වෙනුවට බාලි සරොම් වලින් සැරසෙන තරග වටයක් පැවැත්වීමට බි‍්‍රතාන්‍ය ජාතික සංවිධායකවරුන් විසින් විමසන ලද නමුත් එයද විරෝධතාකරුවන් විසින් ප‍්‍රතික්‍ෂෙප කොට තිබේ.
ඉන්දුනීසියාවේ ඇමරිකානු, බි‍්‍රතාන්‍ය සහ ඕස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාල විසින්ද ලෝක රූ රැජිණ තරගාවලියේ අවසන් වටයට ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බව වාර්තා කර ඇතැයි පැවසේ.