වසර ගණනාවක් තිස්සේ තැපැල් දෙපාර්තමේන්ව ක‍්‍රියාත්මක කල ටෙලිග‍්‍රෑම් සේවය වෙනුවට අලූතින් හදුන්වාදෙන ටෙලිමේල් සේවාව හෙට (1) සිට සෑම තැපැල් හලකම ක‍්‍රියාත්මක වන බව තැපැල්පති රෝහණ අභයරත්න අහතා පැවසීය.
ටෙලිග‍්‍රෑමයට හා සමාන ටෙලිමේල් සේවටද රාජ්‍ය සේවයේ නෛතික පිළිගැනීමක් හිමිවන අතර හෙට (1) සිට ප‍්‍රධාන තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාල 3600 ක මෙම නව වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වන බවද හෙතෙම සදහන් කළේය.
එක ටෙලිමේල් සේවාවකින් පණිවුඩයක් යැවීම සදහා මුල් වචන 10ට රුපියල් 30ක් අයකරන අතර වැඩිවන සෑම අමතර වචනයකටම රුපියල් 1.50 බැගින් අය කෙරේ.
පණිවුඩය ලැබී පැය 4ක් ඇතුළත අදාළ පුද්ගලයා වෙත බෙදා හැරෙන අතර එය ලබාදුන් පුද්ගලයාට දැන ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා රුපියල් 10ක් අය කරන බවද දෙපාර්තමේන්තුව කියයි.
ටෙලිග‍්‍රෑම් යැවීමේදී ලිපිනයටද මුදල් අය කළ අතර ටෙලිමේල් සේවාවේදී ලිපිනය සදහන් කිරීම සදහා අයකිරීමක් නැතැයි ද තැපැල්පතිවරයා කියා සිටියේය.
October 1, 2013 at 9:28 AM This comment has been removed by the author.