කොල්ලුපිටිය ඩික්මන් ප්‍රදේශයේ සම්බහාන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන යන ලද ගණිකා නිවාසයක් වැටලූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම ගණිකා නිවාසය කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් දෙදෙනෙක් සහ ගණිකා වෘත්තියේ යෙදීමසම්බන්ධයෙන් සැකකාරියන් 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
අනතුරුව මෙම සැකකාරියන් 8 දෙනා ඊයේ කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ස්ථානය කළමණාකරණයේ යෙදුන බවට පැවසෙන සැකකාරියන් 2 දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර අනෙක් 6 දෙනා ඇප මත නිදහස් කොට ඇත