-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තහනම නොතකා ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේත්, අත්පත්‍රිකා ආශ්‍රයෙන් සහ ව්‍යාංගයෙන් ද ප්‍රචාරක කටයුතු කරන සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට කිරිපිටි පිළිබඳ ඇමැති අනුකමිටුව තීරණය කර ඇත.
ඒ පිළිබඳව විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කිරීමට පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියට ඇමැති අනුකමිටුව නියෝග කර තිබේ. මේ සම්බන්ධයෙන් වූ විශේෂ ගැසට්‌ නිවේදනය සකස්‌ කිරීමට උපදෙස්‌ ලැබුණු බවත්, ඒ සඳහා පවතින නීතිමය ගැටලු විසදා ගැනීමෙන් පසු සතියක කාලයක්‌ තුළ අදාළ ගැසට්‌ පත්‍රය නිකුත් කරන බවත් පාරිභෝගික ආරක්‍ෂණ අධීකාරියේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.
මීට අමතරව 2012 සැප්තැම්බර් මස සිට 2013 ජුනි මාසය දක්‌වා මෙරටට ආනයනය කළ සියලු කිරිපිටි තොග සහ කාණ්‌ඩ අංක සහිත වාර්තාවක්‌ වහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුවට භාරදීමට ද අදාළ කිරිපිටි සමාගම්වලට නියෝග කිරීමට ඇමැති අනුකමිටුව තීරණය කර ඇත.
එමෙන්ම දේශීය කිරි හා කිරි ආහාර නිෂ්පාදනවල වේ ප්‍රොaටීන් ඇති බවට තහවුරු වී නැති නිසා වේ ප්‍රොaටීන් අඩංගු නොවන කිසිදු කිරිපිටි වර්ගයක්‌ හෝ කිරි ආහාර නිෂ්පාදන වෙළෙඳ පොළෙන් ඉවත් කිරීම සිදු නොකළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
කිරිපිටි සම්බන්ධයෙන් පත් කරනු ලැබූ ඇමැති අනුකමිටුවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත ඊයේ (22 දා) රැස්‌වී මෙම තීරණවලට එළැඹ ඇත.
ආනයනික කිරිපිටිල ඩීසීඩී රසායනිකය සහ වේ ප්‍රොaටීන් අඩංගු කිරි හා කිරි ආහාර නිෂ්පාදනවල ක්‌ලොස්‌ටේ්‍රඩියම් බොටියුලිනම් නමැති බැක්‌ටීරියාව අඩංගු ද යන්න පිළිබඳ පරීක්‍ෂණ තවදුරටත් සිදුකෙරෙමින් පවතින නිසා ආනයනික කිරිපිටි පිළිබඳ ප්‍රචාරක තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ද තීරණය වී තිබේ.
මෙම කිරිපිටි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සාම්පල පරීක්‍ෂා කිරීමට ප්‍රමුඛතාව ලබාදීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ කාර්මික තාක්‍ෂණ ආයතනය පියවර ගත යුතු බවද ඇමැති අනුකමිටුව තීරණය කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week