-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගම්පහ නගරයේ මූල්‍ය සමාගමකට කඩාවැදී ආයුධ පෙන්වා සේවකයන් බිය ගන්වා රුපියල් එක්‌කෝටි අසූ ලක්‍ෂයක්‌ වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකාගෙන පලා ගිය සන්නද්ධ කොල්ලකරුවන් එම මූල්‍ය ආයතනයේ සවි කර තිබූ සී. සී. ටී. වී. කැමරා මාර්ගයෙන් හඳුනාගෙන ඇත.

මෙම කොල්ලකරුවන් මූල්‍ය ආයතනයට කඩා වැදී මුදල් සහ රන් ආභරණ කොල්ලකන ආකාරය එහි සවි කර තිබූ සී. සී. ටී. වී. කැමරාවල පැහැදිලිව සටහන්ව තිබෙන බව පොලිසිය පවසයි.

මේ අතර කොල්ල කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඇතුළු විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

පෙරේදා (21 වැනිදා) දහවල් ගම්පහ රෝහල ඉදිරිපිට පිහිටි මූල්‍ය සමාගමට කඩාවැදුණු සන්නද්ධ කොල්ල කණ්‌ඩායම එහි තිබූ මුදල් සහ රන් ආභරණ කොල්ලකාගෙන දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී පලා ගොස්‌ තිබිණි.

ගම්පහ පොලිස්‌ අධිකාරි විජිත කොමසාරු, පොලිස්‌ අධිකාරි රංජිත් මාසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. බණ්‌ඩාර කැමිලස්‌, පොලිස්‌ පරීක්‍ෂක කරුණාරත්න, පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ පරීක්‍ෂක උපුල් සමරසිංහ ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos