-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු.
Warranty reject කරන අලුත්ම සෙල්ලම

පහතින් ඇත්තේ අපවෙත එවූ සත්‍ය සිදුවීමකි.

Mytech - මේ මේ බෝඩ් එකේ ඔක්සයිඩ් එකක් බැඳිලනේ.
customer - ඔක්සයිඩ් එකක්? ඒ කිව්වේ?
Mytech - මේ මේකේ මේ මේ මේ IC පින්වල එහෙම ඔර්ජිනල් සිල්වර් පාට නැහැනේ.පොඩ්ඩක් අලුපාට වෙලා.
customer - ඉතින්?
Mytech - ඒ හින්ද මේකට වොරන්ටි දෙන්ඩ බෑ.
customer - ඒ ඇයි?
Mytech - මේකේ ඔර්ජිනල් පින් කලර් එක නෑ.
customer -ඉතින් මම ඕක කොහෙවත් ගැහුවේ නෑ.මැෂින් එකේම තමා තිබ්බේ.
Mytech - ඒ වුනාට බෑ සර් මේකට වොරන්ටි දෙන්ඩ බෑ.
customer -ඔයි.සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් එක්ක ඕනෙම ලෝහයක් ප්‍රතික්‍රියා කරල ටික කාලයක් යද්දි ඔක්සයිඩ් එකක් හැදෙනව.තමුසෙ කියන්නේ මට මේක රික්තකයක් තියෙන PC එකක ගහන්ඩ කියලද?
Mytech - සර් මේක Physical damage එකක් සර්.සර්ගේ අතින් තමා වෙලා තියෙන්නේ.
customer -ඕයි මේවගේ කොහොමද Physical damage ගොඩට දාන්නේ?
Mytech - සර් ඒ වුනාට අපිට කියල තියෙන්නේ මේවා බාරගන්ඩ එපා කියල.
customer -ඉතින් දැන් තමුසේ කියන්නේ මේකේ ඔක්සයිඩ් එක බැන්දෙවේ මම කියලද?ඕයි මේ Mytech - ප්‍රඩක්ශන් කොලේ කොහෙද ගහල තියෙන්නේ මේක සමාන්‍ය වාතයට අහුනොවෙන රික්තකයක ගහල තියන්ඩ කියල?අනිත් එක තමුසෙලා විකුණද්දි පණ දෙන්ඩ වගේ කතාව
Mytech - සර් අනිත් එක මේක විකුණපු එක්කෙනා දැන් මේකේ වැඩ කරන්නේ නෑ.
customer - ඉතින් මට පාන්ද ඕයි ඌ වැඩ කලේ නෑ කියල?
Mytech - සර් පොඩ්ඩක් පහලට ගිහින් Mytech එකේ Mr.Rameez හම්බෙලා මේක කියන්ඩ.

පහලට ගොස් Rameez හම්බ විය.ඔහු ඕනෑවට එපාවට මෙන් ඔලුව කරකවයි.ඔහුගේ අවධානය කඩයට ඇතුල්වන ගණුදෙනු කරුවන් මිස මාගේ ප්‍රශ්නය නොවේ.විනාඩි කිහිපයක් කාලය කා දැමීමෙන් පසු රෙපෙයාර් සෙනටර් එකෙන් අහන්ඩයි ඔහු මට කියයි.මා නැවත රෙපෙයාර් සෙනටර් එකට ගොස් බාරදීමට උත්සාහ ගතිමි.මගේ දැඩි විරෝධය දැක්වීම හමුවේ ඔවුන් එය බාරගැනීමට තීරණය කලේ ඔක්සයිඩ් නොට් එකක් දමාය.ඒ වනවිට එම ස්ථානයේ මදර්බෝඩ් ගෙන අක්‍රිය වීමෙන් බෝඩ් ලබා නොදුන් අය කීපදෙනෙක්ගේ බැනුම්ද ඔවුන් වෙත එල්ල වෙමින් තිබූ වේලාවකය.

සතියකින් පසු දුරකථනයෙන් මම ඔවුන්ව අමතා ජොබ් අංකය කීමි.

Mytech - සර් තව සති තුනක් විතර යනව.බඩු ඕඩර් කරල තියෙන්නේ.

සති තුනකින් පසු

Mytech - සර් තාම ආවේ නෑ.12 වෙනිදට කතා කරන්ඩ

14 වෙනිදා

Mytech - සර් තාම ඇවිල්ල නෑ.මගේ බැනුම් මැද දුරකතනය විසන්දි විය.

මාස දෙකකින් පසු

Mytech - සර් වීජීඒ එක නේද? සර් මොකද්ද ඒකේ වෙනව කිව්වේ?
ඒක වැඩ කරන්නේ නෑ.
Mytech - සර් අපි ඒක ටෙස්ට් කරන්ඩ දාලා තියෙන්නේ.අපි සර්ට කෝල් එකක් දෙන්නම්.මට අම්මා මුත්තා මතක් විය.ඒ වන විටම ද්‍රකතනය විසන්දි විය.
නැවත දින 4 කින්

Mytech - සර් පොඩ්ඩක් පහල මයිටෙක් එකේ මිස්ටර් Rameez හම්බෙන්ඩ.
තවම ප්‍රශ්නය නිමා නැත.

මේවා කිව යුත්තේ කාටද?මෙවන් රස්තියාදු කිරීම සිදුවන්නේ මට පමණක් නොව.මෙවන් බලු වැඩ කරනා ආයතන වසා දැමිය යුතුය.මින් පසු අපි මෙවන් ආයතන වලින් බඩු ගැනීමට නොගිය්ද තවත් මිනිසුන් මේ නරා වලේ වැටීම වැළැක්වීමට අපි ඉදිරිපත් විය යුතුය.ජඩකමින් මිනිසුන් මුලාකර ගාන කඩාගන්නා අමන බල්ලන්ට ඔවුන් අදහනා දෙවියන්ගේ බැල්ම තවම නොවැටී ඇත්තේ ඇයිදැයි අපට නොතේරේ.


-inranasingha-

Share this Post Share to Facebook

2 comments

  1. Unknown  

    same thing happen to me.after having a big fight,going to police n going to consumer protection beurau i finally got ma money back

  2. AdMan  

    I also had a problem here. Their 'technician' backed up all my emails, but not the email addresses. When I asked him, he said "No problem, they're all backed up". After formatting the PC and trying to retrieve the email addresses (and failing), he tells me "sorry sir, the addresses were not backed up". Same thing happened again, about 3 months later, when I had to take the machine in again for another problem. Blasted them and came, swearing never to go there ever again. Bloody rogues.

Post a Comment

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week