-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජපානයේ විදේශ කටයුතු හා සන්නිවේදන භාර අමාත්‍යවරයා වන Yoshitaka Shindo විසින්, ලංකාව තුල Information and Communication Technology(ICT) network එකක් ස්ථාපිත කිරීම සඳහා ජපාන රජයේ සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. මෙලෙස ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන ICT network එකට අති නවීන digital broadcasting systems අන්තර්ගත බවයි පැවසෙන්නේ.
Yoshitaka Shindo තවදුරටත් පවසා සිටින්නේ මෙම පුළුල් ICT පැකේජය මඟින් ලංකාව පුරා ඇති සෑම ක්ෂේත්‍රයක්ම එකිනෙක හා සම්බන්ධ කල හැකි බවත් එමඟින් ලංකාව සමාජීය හා ආර්ථික වශයෙන් දැවැන්ත සංවර්ධන සැලැස්මකට යොමු කල ගත හැකි බවත්ය.
Shindo විසින් digital broadcasting system හා multimedia services පිලිබඳ සදහන් කරමින් පවසා සිටියේ මෙමඟින් විවිධ සේවා හි විවිධාකාරී වූ digital අන්තර්ගතයන් ක්‍රමානුකූලව එකිනෙක හා යා කෙරෙන බවයි. මෙයට තවදුරත් කරුණු එක කරමින් Shindo පවසා සිටින්නේ “This will cover a wide range of requirements that may differ from one service to another”
තම දෙදින සංචාරය නිමා කරමින් කොළඹ පැවතී මධ්‍ය හමුවේදී අමාත්‍ය Shindo පවසා සිටියේ මෙම පුළුල් ICT පැකේජය මඟින් ලංකාවේ සන්නිවේදනය, අධ්‍යාපනය, යටිතල පහසුකම් සංවර්ධනය, හදිසි ව්‍යසන සඳහා සුදානම, සෞඛ්‍යය යන අංශ ඇතුළු බොහෝ අංශයන්හි ශක්‍යතාව මෙමඟින් වැඩි දියුණු කල හැකි බවයි.
ලංකාව තුල තාක්ෂනය හා එහි සංවර්ධනය පිලිබඳ සතුට ප්‍රකශ කල අමාත්‍ය Shindo, ලංකාවේ තාක්ෂණික සංවර්ධනයට අවශ්‍ය ආධාර , මිනිසුන් පුහුණු කිරීම සහ මූල්‍ය ආධාර අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලංකාවට ලබා දීමට ජපාන රජය සුදානම් බව පවසා සිටියා .
ලංකාව පිලිබඳ ඔහුගේ බලාපොරොත්තුව ලෙස ඔහු ඉදිරිපත් කලේ මෙම ICT පැකේජයත් සමඟම ලංකාව විසින් ලාභ දායි සහ වැඩදායක නව තාක්ෂණික සොයා ගැනීම් සිදු කිරීමෙන් ශ්‍රි ලංකික පුරවැසියන්ගේ සමාජීය තත්වයේ උසස් වීමක් දැකීම බවයි.(Trickslanka)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos