-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බුද්ධගයාව ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වීම ගැන ඉන්දියාව ලැජ්ජා විය යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂය පවසන්නේ පසුගිය කාලයේ තමිල්නාඩුවේත්, බුද්ධගයාවේත් ශ‍්‍රී ලාංකීක බෞද්ධයන්ට එල්ල වූ තර්ජන, ගර්ජන හා පහරදීම් ඉදිරියේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත්, ප‍්‍රාන්ත ආණ්ඩුවත් හැසිරුණු ආකාරය අමතක නැති බවය.
නිවේදනයේ මෙසේද දැක්වෙයි.
ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට හා වන්දනාමානයට පාත‍්‍ර වූ ඉන්දියාවේ බුද්ධගයා හී මහාබෝධී විහාරයට ත‍්‍රස්තවාදී කණ්ඩායමක් එල්ල කළ බෝම්බ ප‍්‍රහාර වැල පිළිබඳ දැනගන්නට ලැබීමෙන් අප බලවත් සේ කම්පනයටත්, සංවේගයටත් පත් වුණෙමු. මේ ම්ලේච්ඡු ප‍්‍රහාරය පිළිකුලෙන් හෙළා දකින අප මෙය දකින්නේ ලෝකවාසී බෞද්ධ ජනතාවට පමණක් නොව බෞද්ධයන්ගේ ආගමික ශාස්තෲවරයාණන්ට එල්ල කළ අධම, නින්දිත, අශිෂ්ඨ ප‍්‍රහාරයක් ලෙසිනි. බුදු දහමත් බෞද්ධයිනුත් අහිංසාව, මෛත‍්‍රීය, කරුණාව ගරු කරන එයින් පෝෂණය වුණු දහමකින් හික්මුණු සම්ප‍්‍රදායකට උරුමකම් කියන ආගමික සංස්කෘතියකි. බෞද්ධයන් වෙන කිසිඳු ආගමකට හිංසා කිරීමට හෝ අගෞරව කිරීමට වෙනත් ආගමික සංස්කෘතීන් ආක‍්‍රමණය කිරීමට කිසිදා කටයුතු කර නැත. බුදු දහම හිංසාව පිටු දුටු දහමකි. එහි ශාස්තෲවරයා බුද්ධත්වය ලබා ගත් ස්ථානයට එල්ල කල මේ ම්ලේච්ඡු ප‍්‍රහාරය ශිෂ්ඨ සම්පන්න සමාජයම පිළිකුලින් හෙළා දැකිය යුතුය. මෙවැනි ප‍්‍රහාරයක් කිතුණුවන්ගේ ජෙරුසෙලමට හෝ වතිකානුවට එසේ නැතිනම් මුස්ලිම්වරුන්ගේ මක්කමට හෝ අල් කබා දේවස්ථානයට එල්ල වූයේ නම් අද ලෝකයේ කවර තත්ත්වයක් ඇති විය හැකි ද? අවිහිංසාව, ඉවසීම, මෛත‍්‍රීය හා උපේක්‍ෂාව නිසා කිසිවෙකුට එරෙහිව හිංසන ක‍්‍රියාවල යෙදෙන්නට බෞද්ධයන් කටයුතු කර නැත. බුද්ධගයා හී මහා බෝධී විහාරයේ භාවනානූයෝගීව වැඩ සිටි භික්‍ෂුන් වහන්සේලාගේ ලේ සොලවා ඇති මෙවන් මොහොතක ඉන්දීය රජයේ වගකීම වන්නේ මෙම ප‍්‍රහාරය පිටුපස සිටින්නන් කවුදැයි නොවලහා හෙළිදරව් කිරීමත් ඒ අයට දඩුවම් ලබා දී  බුද්ධගයාවේත් එහි වැඩවසන , භාවනානුයෝගීව සිටින භික්‍ෂූන්ගේත්, වන්දනාකරුවන්ගේත් ආරක්‍ෂාව තහවුරු කිරීමයි. බුද්ධගයාවට මෙවැනි මුස්ලිම් අන්තවාදීන්ගෙන් තර්ජනයක් තිබෙන බව ඉන්දීය බුද්ධ අංශ වාර්තා කර තිබුණ ද එය වළක්වාලීම සඳහා අවශ්‍ය පියවර ගත නොහැකි වූයේ ප‍්‍රාන්ත ආණ්ඩු සතු පොලිස් බලතල නිසා ද ? එසේ නැතහොත් ඉන්දීය මධ්‍යම රජයේ ආරක්‍ෂක අංශවලට හෝ බුද්ධි අංශවලට ප‍්‍රාන්තවල ආරක්‍ෂක කටයුතු වලට මැදිහත් වීමට ව්‍යවස්ථානූකූලව ඉඩ ඇහීරී ඇති නිසාදැයි අපට පැහැදිලි කළ යුතුය. ඒ බලතලම ශ‍්‍රී ලංකාවේ පළාත් සභාවලට ලබා දෙන්නැයි ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ රටක ජාතික ආරක්‍ෂාවට ඇති ආදීනව සහ අනතුරු නොදැනදැයි අපි විමසා සිටිමු.
පසුගිය කාලයේ තමිල්නාඩුවේත්, බුද්ධගයාවේත් ශ‍්‍රී ලාංකීක බෞද්ධයන්ට එල්ල වූ තර්ජන, ගර්ජන හා පහරදීම් ඉදිරියේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත්, ප‍්‍රාන්ත ආණ්ඩුවත් හැසිරුණු ආකාරය අපට අමතක නැත. ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට කිසිඳු පියවරක් ගැනීමට ද නොහැකි විය. එමෙන්ම පසුගිය දා හෙළිදරව් වුයේ එල්ටීටීඊ බෙදුම්වාදීන් හා කාශ්මීර බෙදුම්වාදීන් අතර සම්බන්ධයක් ඇති බවයි. එම සම්බන්ධය මත මුස්ලිම් අන්තවාදීන් එල්ටීටීඊ බෙදුම්වාදීන්ගේත් සහය ඇතිව බුද්ධගයාවට මෙම ප‍්‍රහාරය එල්ල කලේද? මේ පිළිබඳව වහාම සොයා බැලීමට ඉන්දීය ආරක්‍ෂක අංශ කටයුතු කළ යුතුය. වෙන රටවල අභ්‍යන්තර කටයුතුවලට අත පොවමින් එම රටවල ස්වෛරීත්වයට, අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට, ආරක්‍ෂාවට මැදිහත්වීම් කරනවා වෙනුවට තම රට, තම රටේ භූමිය ත‍්‍රස්තවාදී කටයුතුවලට යොදා ගැනීමට ඉඩ ලබා නොදීමට ඉන්දියාව වග බලා ගත යුතු අතර ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත් බුද්ධගයාව ආරක්‍ෂා කර ගැනීමට තම රට තුළින් බිහි වූ අග‍්‍රගණ්‍ය ශාස්තෲවරයා බුද්ධත්වයට පත් ස්ථානය ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වීම පිළිබඳව ඉන්දියාව ලැජ්ජාවට පත් විය යුතු අතර තම වගකීම ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් නිහතමානීව සමාව ඇයදිය යුතුව ඇත. මෙම සංවේදී අවස්ථාවේ දී බෞද්ධයන් ලෙස ඉවසීමෙන් කටයුතු කරමින් ලෝකයටම ආදර්ශයක් ලබා දීමටත් අවිහිංසාවාදීව, කරුණාව, මෛත‍්‍රීය පෙරදැරි කරගෙන විරෝධය පළ කිරීමටත් අධීෂ්ඨාන කරගත යුතුය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week