-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිවැරදි බස් ගාස්තු සංශෝධනයක් මේ මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක කළ යුතු වුවත් නියාමන ආයතන නිවැරදි ගාස්තු සංශෝධනයක් ලබාදීමට මෙතෙක් කටයුතු කර නොමැති බවත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය වීමේ කාලය ඉක්මවා දින 8 ක  කාලයක් ගතවී තිබියදීත් අදාළ සංශෝධනය ලබා නොදීමට එරෙහිව අද සිට දින 4 ක කාලය තුළ එක් දිනකදී අඛණ්ඩ බස්රථ  වැඩ වර්ජනයක් ආරම්භකරන බව ලංකා පෞද්ගලිඉක අස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරයි.
දැනට කෙටි ගමන් සේවා බස් රථයක් දිනකට රුපියල් 1500 ක් හා දුර ගමන් සේවා බස් රථයක් දිනකට රුපියල් 2000 ත් 2500  ත් අතර මුදලක  පාඩුවක් සිදුවන බවද සභාපතිවරයා සදහන් කළේය.
නිවැරදි බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතුව තිබුණේ මේ වසරේ පෙබරවාරි මාසයේදී බවත් ඉන් පසුව එය ජුලි මස 1 වෙනිදා දක්වා කල් දැමීමට කටයුතු කළ බවත් ඔහු සදහන් කළේය. එහෙත් නිවැරදි බස් ගාස්තුවක් සකස් නොකිරීම නිසා ජුලි මස 1 වෙනිදා බස්ගාස්තු සංශෝධනයක් සිදුනොවු බවද ගැමුණු  විජේරත්න මහතා පවසා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week