තායිලන්තයේ බැංකොක් නගරයේ පිහිටි හිට්ලර් නමැති පිසූ කුකුල් මස් ආහාර වෙළඳසැලකට විරුද්ධව නඩු පැවරීමට කෙන්ටකි ෆ‍්‍රයිඞ් චිකන් (KFC) සමාගම සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
මීට හේතුව වන්නේ හිට්ලර් වෙළඳසැල විසින් යොදා ඇති වෙළඳ සංකේතය KFC හි සුප‍්‍රකට කර්නල් සැන්ඩර්ස් වෙළඳ සංකේතයට බෙහෙවින් සමාන වීමයි.
ප‍්‍රණීත ආහාර සහිත වෙළඳසැලක් බව පැවසෙන එහි වෙළඳ සංකේතයේදී කර්නල් සැන්ඩර්ස් වෙනුවට ජර්මනියේ හිටපු අත්තනෝමතික පාලකයකු වන ඇඩෝල්ෆ් හිට්ලර්ගේ රුව යොදා තිබේ. KFC හි ප‍්‍රකාශකයෙකු පවසා ඇත්තේ මේ අතිශය අමිහිරි සිදුවීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
තායිලන්තය පිළිබඳ සංචාරක අත්පොතක් සකස් කළ ඇන්ඩෘ ස්පූනර් විසින් පසුගිය මැයි මසදී හිට්ලර් වෙළඳසැල නෙත ගැටී එහි ඡයාරූපයක් ට්විටර්හි පළ කර ඇති බව වාර්තා වේ. හිටපු නාසි පාලකයාගේ රුවින් සැරසීම නව පොප් රැල්ලක් වී ඇති බව පසුගියදා CNN විසින්ද වාර්තා කර තිබිණි.