-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අවුරුදු 16 ට අඩු බාලවයස්‌කාරියක බලෙන් පැහැරගෙන ගොස්‌ දූෂණය කිරීමේ චෝදනා ලබා සිටි ඒ. එම්. චන්aදන වීරකුමාර හෙවත් සක්‌විති රණසිංහ නමැත්තා ඊයේ (08 දා) කොළඹ මහාධිකරණය හමුවේ එම චෝදනාවට වරද පිළිගත්තේය.

සක්‌විති රණසිංහ බහු විවාහ චෝදනාවකට වරදකරු වී වසර දෙකක සිර දඬුවමක්‌ දැනට ගෙවමින් සිටී. ඊයේ ඔහු මෙම දූෂණ නඩුවට උසාවියට ඉදිරිපත් කළේ මෝසමක්‌ මගින් කළ ඉල්ලීමක්‌ අනුවය.

තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවට වරද පිළිගන්නා බව චූදිත සක්‌විති රණසිංහ සිය නීතිඥවරයා මගින් දන්වා සිටි අතර අනතුරුව ඔහුට දඬුවම් නියම කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය විසින් ලබන අගෝස්‌තු මස 08 දිනට කල් තබන ලදී.

සක්‌විති රණසිංහගෙන් එදා අතවරයට ලක්‌ වූ දැරිය සමඟ ඔහු පසුව විවාහ වී ඇත. ඔහුගේ විවාහක බිරිඳ කුමාරි අනුරාධිනී මෑතකදී ඔහුගෙන් දික්‌කසාද වී ඇති අතර ඇය ඊයේ උසාවියට පැමිණ සිටියේ ද නැත.

අධිනීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා සක්‌විති රණසිංහ වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මහේෂි සිල්වා මහත්මිය නීතිපති වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටියාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week