කොළඹ ජාතික රෝහලේ හෙදියක නාද්දී ජංගම දුරකථනයකින් වීඩීයෝ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරයකු මේ මස 24 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රෂන්ත ගොඩවෙල මහතා නියෝග කළේය.
පොළොන්නරුවේ ජෝසප් සුජි රොෂාන් අමරසිංහ මෙසේ රිමාන්ඩ් කැරිණි.
රෝහලේ රාත්‍රී සේවයේ යෙදී සිටි හෙද නිලධාරීනියක් රාත්‍රී 9 ට පමණ හෙද විවේකාගාරයේ ස්නානය කරමින් සිටින අවස්ථාවක එහි වු කවුළුවකින් ජංගම දුරකථනයක් යොමු කර යම් කිසිවකු විඩීයෝ කරමින් සිටි ඇති බවත් හෙද නිලධාරීනිය දුරකථනය උදුරාගෙන සිද්ධිය පොලීසියට පැමිණිළි කළ බවත් මරදාන පොලීසිය අධ්කරණයට කරුණු දැක්වීය.