රත්මලාන, තෙලවලදී සිය සිරුරට ගිනි තබාගෙන බරපතළ පිළිස්‌සුම් තුවාල ලබා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සන්නද්ධ අංශයේ හිටපු නායිකා කන්දසාමි පුනේශ්වරන් නොහොත් ගෞරි (23) පෙරේදා (09 වැනිදා) රාත්‍රි මිය ගියාය.
ඇය කිලිනොච්චිය, පොන්නගර් ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ඇතුළු සාමාජිකාවන් යුද හමුදාවට භාරවීමත් සමග වසර 2 ක කාලයක් පුනරුත්ථාපන කඳවුරකදී පුනරුත්ථාපනය වී පැමිණ ඇත. ඉන් අනතුරුව ඇය ගල්කිස්‌ස, තෙලවල තාවකාලික නිවසක රැඳී හිඳිමින් ඇඟලුම් කම්හලක රැකියාවට ගොස් තිබේ.
මේ අතරේ ඇය තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් දෙදෙනා අතර දිගින් දිගටම ආරවුල් සිදු වී ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වේ.
ඇයගේ ප්‍රේමවන්තයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය පවසයි.
මේ පිළිබඳව ගල්කිස්‌ස මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. චන්ද්‍රතිලක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක ජනක කුමාර, පොලිස් කොස්‌තාපල් ලාල් කුමාර ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
කොටි කත ගිනි දෙවිට දිවි දෙයි
2013-07-11T06:41:00+05:30
Janith
Local news|