-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරයට වග කිව යුතු බෝම්බකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙන ඔත්තුවට ඉන්දියා රුපියල් ලක්ෂ 10ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 21.80) පිරිනමන බව පරීක්ෂණ භාරව සිටින ජාතික පරීක්ෂණ ඒජන්සිය නිවේදනය කරයි.
බුද්ධගයාවට ගිය ස්වේෂ ඇමැති ෂින්ඩි පවසනුයේ මේ ප්‍රහාරයට සම්බන්ධ තුන් හතර දෙනකු ගැන පරීක්ෂණ පවත්වන බවයි.
‘ඔවුන් බෝම්බ රාත්‍රියේම තබන්නට ඇති. ඒ සඳහා මෝටර් රථයක් ද භාවිත කරන්නට ඇති.‘
 පුදබිමේ ආරක්ෂාව බිඳ දැමුවේ කෙසේදැයි සොයා බලන බව ද ඔහු කියයි. බුද්ධගයාවට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වන බවට අන්තිම අනතුරු ඇගවීම කැරුණේ ජූලි තුන් වැනිදා ය. ප්‍රහාරය එල්ල වූයේ ජූලි හත් වැනිදා ය. මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීමට පැට්නා නුවරදී අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක ඇතුළු සිව් දෙනකු නිදහස් කළ බව පොලිසිය කියයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week