-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බම්බලපිටියේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට බස්නාහිර උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැයි මස 22 දින පැහැරගෙන ගිය ව්‍යාපාරිකයාගේ මළ සිරුර දොම්පෙ ප්‍රදේශයේ තිබි හමුවිය.

ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 06 වන දින බස්නාහිර උතුරු දිසාවට අයත් පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනියුක්තව සේවය කළ උ.පො.ප ලක්මිණි බමුණුසිංහ ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විශේෂ ඒකකයේ සේවය කළ කොස්තාපල්වරුන් තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාපාරිකයාගේ ඝාතනයට නියෝජ්‍ය පොලිස්පතිවරයා යම් සම්බන්ධයක් ඇති බවට කරුණු අනාවරණයවීමෙන් පසු එදිනම ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍වේ නිලධාරීන් විසින් කටයුතු කරන ලදී.

එදින පුරා පැය 5 ක් පමණ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කර මුදා හරිනු ලැබූවද හෙළිදරව්වී ඇති බොහෝ තොරතුරු හේතුවෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුවිය. ඒ අනුව නැවතත් ජූනි මස 07 වෙනිදා ඔහුව රහස් ‍පොලීසියට කැඳවා තිබුණද පසුව එය අවලංගු කොට තිබුණි.

එයට හේතුවූවේ සමුළුවකට සහභාගිවීමට රටින් බැහැරව සිටින ‍පොලිස්පතිවරයා නැවත 09 වෙනිදා ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ උපදෙසින් ඉදිරි පියවර ගන්නට විය හැකි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඝාතනයට ලක්වූ එම්.එම්. මොහොමඩ් සියාම්, තිදරු පියෙකු වන අතර පදිංචිව සිටියේ බම්බලපිටිය සාගර පාරේ නිවසකය. මැති ඇමැතිවරුන් පවා ළඟින් ඇසුරු කළ අයෙකු වන සියාම් පාවහන් කොටස් ආනයනය කොට එකළස් කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටියෙකි.

එකී ව්‍යාපාරයට හවුල්වී සිටි ෆවුස්ඩීන් නමැති මිතුරා , සියාම්ට කෝටි ගණනින් ණය වී සිටියාසේම ව්‍යාපාරය මුළුමනින්ම අත්පත් කර ගැනීමේ නොනිම් ආශාවෙන් යටිකූට්ටු වැඩ කරමින් සිටියේය.

මැයි 22 වෙනිදා බම්බලපිටියේ පිහිටි සියාම්ගේ නිවසට ෆවුස්ඩීන් පැමිණ ව්‍යාපාරික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කොළඹ – ගාලුපාරේ අවන්හලකින් රාත්‍රී ආහාරය ලබාගන්නේ දෙදෙනාම එකටය. එතැන් සිට සිදුවන ක්‍රියාදාමය ත්‍රාසජනකය.

සියාම් යළිත් නොපැමිණි අතර තමා වැල්ලවත්තේ පිහිටි නිවසට ඇරලවා ඔහු යන්නට ගිය බවත් , ඔහු අතුරුදහන්වී ඇති බවත් පවසමින් පොලිසීයේ පැමිණිල්ල සටහන් කරන්නේද ෆවුස්ඩීන්මය.

පරීක්ෂණ සිදුවූවත් නිසි ප්‍රගතියක් අත්නොවුණු අතර සියාම්ගේ ඥාති සොහොයුරෙකු වන මුස්ටාක් නමැති අය ගංගාරාම වෙසක් කලාපය විවෘත කරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමණි අවස්ථාවේදී අතුරුදහන්වූ සිය ඥාති සහෝදරයා ගැන පැවසීමත් සමග ජනපති නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ කටයුතු විධිමත් කරන ලදී.

සියම් අතුරුදහන්වුණු මැයි 22 දා රාත්‍රියේ සිට නුගේගොඩ කන්දෙවත්ත පාරේ අතහැර දමා තිබුණු ඔහුගේ මෝටර් රථය ඒවන විට පැවතියේ මිරිහාන පොලීසිය භාරයේය.

රථය ‍පොලිස් ස්ථානයට 23 වෙනිදා ගෙනැවිත් තිබුණද එම රථය සියාම්ට අයත් මෝටර් රථය බව කිසිවෙකුත් දැන නොසිටි බවත්, ඒ බව අනාවරණය කර ගත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් බවත් සඳහන්ය.
මෝටර් රථය හමුවුණු ස්ථානය කොතැනදැයි මිරිහාන ‍පොලීසියෙන් දැනගත් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් මෝටර් රථය අතහැර ගිය ස්ථානයට මඳක් ඔබ්බෙන් ඇති නිවසක සවිකර ඇති ආරක්ෂිත කැමරාවකින් එය එතැනට ගෙනවිත් දමන ලද්දේ තමාව වැල්ලවත්තේ නිවසට ඇරලවා ගිය බව පැවසූ සියාම්ගේ මිතුරා වන ෆවුස්ඩීන්ම විසින් බැව් අනාවරණය වී තිබේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් මැයි මස 30 වෙනිදා ෆවුස්ඩීන්ව අත්අඩංගුවට ගනු ලැබූ අතර දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඝාතන සැලසුම තමාගේ බවත් , එය සිදුකරනු ලැබූවේ රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකට බවත් ඔහු විසින් පිළිගන්නා ලදී.

පොලීසියේ උසස් නිලධාරීන් හා පහල නිලධාරීන් එක සේ හඳුනන, තවත් නීති විරෝධී ජාවාරම් කටයුතුවලට නම්දරා සිටින පිටකොටුවේ “චුට්ටේ” නම් ව්‍යාපාරිකයෙකු විසින් අදාළ කොන්ත්‍රාත්තුව භාරගෙන එය පොලීසියේ මිතුරන්ට ලබාදී ඇති බව කියැවීම නිසා 30 වෙනිදා රාත්‍රියේම චුට්ටේව ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයට පොලීසියේ උදවියගේ ඇති සම්බන්ධය අනාවරණය වූ අතර ඝාතනයෙන් ලබාගත් කොන්ත්‍රාත් මුදල පොලිස් නිලධාරීන් අතරේ බෙදී ගිය ආකාරයද හෙළිදරව් විය.

-Adaderana-

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos