හෝමාගම හිටපු දිසා විනිසුරු මුනිල් අබේසිංහ මහතා රුපියල් කෝටියක ඇප මත නිදහස් කොට තිබේ.
ඒ මහතා පසුගියදා අල්ලස් හෝ දුෂණ කොමිසමේ නිලධාරීන් විසින් අල්ලසක් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබ තිබිනි.
මෙම සිද්ධිය නිසා අබේසිංහ මහතාගේ සේවය අත්හිටුවීමක්ද සිදු කර ඇත. විනිසුරුවරයාට විදේශ ගමන්ද තහනම් කර තිබේ.